පොලිස් සේවා වනිතා ඒකක ලෝක ළමා දිනය සැමරුම

ඔක්තෝම්බර් 04, 2019

ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඔක්තෝබර් 01 වන දින කොළඹ 05, පොලිස් පවුල් සුභසාධක සංගම් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම උත්සවය සදහා  මරදාන,පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, කිව් පාර සහ ලක්විදු පෙර පාසල්හි ළමුන් 170 කට වඩා වැඩි පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොලිස් සේවා වනිතා ඒකකයේ වැඩබලන සභාපතිනිය වන ප්‍රශාන්ති ප්‍රනාන්දු මහත්මිය සහභාගී විය.

ලෝක ළමා දිනය ඔක්තෝබර් 01 වන දින සමරනු ලැබීය.