කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්

ඔක්තෝම්බර් 06, 2019

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික විවෘත දිනය (Open Day) අද (ඔක්තෝබර් 06) දින පැවැත්විණි.

මෙම ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට විශ්ව විද්‍යාලය වෙතින් හැදෑරිය හැකි පාඨමාලා සහ වෙනත් ප්‍රතිලාභ පිළිබඳව අදහසක් ලබා දීමේ අරමුණින් පැවති විවෘත දිනය සදහා තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

විවෘත දිනය ආරම්භ කිරීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය විසින් සිදු කරන ලදී.

එක් දිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මගින් සහභාගී වන සිසුන්ට විශ්ව විද්‍යාලය පිලිබදව හා විශ්ව විද්‍යාලය වෙතින් සිදු කරන ආරක්ෂක හා උපක්‍රමික අධ්‍යයන, ඉංජිනේරු, නීතිය, කළමනාකරණ, සමාජ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, පරිගණක, සම සෞඛ්‍ය විද්‍යාව, නිර්මිත පරිසරය සහ අවකාශීය විද්‍යාව හා පර්යේෂණ හා සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි හැදෑරිය හැකි පාඨමාලාවන් පිළිබදව මනා අවබෝධයක් ලබා ගැනීමට මහගු අවස්ථාවක් උදා කර දෙන ලදී.

මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් ඒ කේ පී තිලකරත්න, නියෝජ්‍ය උපකුලපති බ්‍රිගේඩියර් එන් හතුරුසිංහ, බ්‍රිගේඩියර් ආර් ජී යූ රාජපක්ෂ,වැඩබලන නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය එම් එච් ජේ ආරියරත්න, විශ්වවිද්‍යාල නිළධාරින් සහ අධ්‍යයන පීඨයන්හි අධ්‍යන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී විය.