2019 ඔක්තෝබර් 5 වන දින ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

ඔක්තෝම්බර් 07, 2019

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම මත දකුණු නාවික විධානය භාර ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දකුණු නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයින්ගේද සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.  

වාර්ෂික මංගල්‍යය සාර්ථකව නිම කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව දේවාස්ථානය භාර පූජකතුමන් සහ බැතිමතුන් නාවික හමුදාව වෙත විශේෂ ඇගයීමක් සිදු කළේය.