ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන ප්‍රධානීන්ගේ 15 වන ඉහළ පෙලේ රැස්වීම අද කොළඹදී ආරම්භ විය

ඔක්තෝම්බර් 08, 2019

ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන  ප්‍රධානීන්ගේ 15 වන ඉහළ පෙලේ රැස්වීම (HACGM – HLM)  අද (ඔක්තෝබර් 08) කොළඹදී ආරම්භ විය. ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව (SLCG) විසින් සංවිධානය කරන ලද මෙම කලාපීය සමුළුවේ සමාරම්භක සැසිය අද පෙරවරුවේ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  සහභාගී වූ අතර එම අවස්ථාවට සපැමිණි එතුමන් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම වසරේ පැවැත්වෙන සමුළුව සදහා වෙරළාරක්‍ෂක ප්‍රධානීන් සහ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වේ. රටවල් විසි දෙකක (22) සාමාජිකන්ගේ   සහාභාගිත්වයෙන් ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන  ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්වේ, ඕස්ට්‍රේලියාව, බහරේන්, බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කොරියාව, මැලේසියාව, මාලදිවයින, පාකිස්ථානය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, තුර්කිය සහ වියට්නාමය. එහි සහායක සාමාජිකයා ReCAAP තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය (ISC) සහ නිරීක්ෂක සංවිධාන තුනකි එනම්  බාලි ක්‍රියාවලිය, ප්‍රංශය සහ UNODC.

ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන ප්‍රධානීන්ගේ සමුළුව වෙරළාරක්ෂක සහ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතනවල ඉහළ මට්ටමේ බහුපාර්ශ්වික රැස්වීමක් වන අතර එය සහයෝගීතාවයෙන් හා හවුල්කාරිත්වයෙන් ආසියානු කලාපයේ ආරක්ෂාව සහ සාගර පවිත්‍රතාව සහතික කිරීම වෙනුවෙන් පැවැත්වේ වේ. මෙම කලාපීය සංසදය  2004 වසරේදී ජපානයේ මුලිකත්වයෙන් සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන කලාපීය සමුද්‍රීය ප්‍රදේශයන්ට තර්ජනයක් වන පොදු අභියෝගයන්ට එරෙහිව කලාපීය පාර්ශ්වකරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන ආරම්භ කරන ලදි

ආසියානු වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අපේක්ෂිත ආයතනික අරමුණු ලගා කර ගැනීම සඳහා සාමාජික ආයතන වල සහයෝගය සහ ක්‍රියාශීලී උත්සාහයන් අපේක්ෂා කරන කාරනා සතරක් සතුව ඇත; සෙවීම සහ මුදා ගැනීම, පාරිසරික ආරක්ෂාව, මුහුදේ නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සහ පාලනය කිරීම සහ හැකියාවන් වර්ධනය කිරීම මගින් පුළුල් පරාසයක් තුල සමුද්‍රීය ගැටළු විසඳීමට පහසුකම් සපයන අතරම තමන්ගේ හැකියාවන් ශක්තිමත් කර ගැනීම සහ සංවර්ධනය කිරීම.

ආරක්‍ෂක අමාත්‍යාංශ අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් මහතා,නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න ජ්‍යෙෂ්ඨ නාවික හමුදා සහ වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තු නිලධාරීන් මෙම අවස්තාව සදහා සහභාගී විය.

මෙම සමුළුව බ්‍රහස්පතින්දා දින  (ඔක්තෝබර් 10) අවසන් වීමට නියමිතය.