නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි

ජුනි 12, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.