ආරක්ෂක ලේකම්තුමන්ට පොපි මලක් පළදවයි

ඔක්තෝම්බර් 23, 2019

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගම් නියෝජිතයින් අද දින (ඔක්තෝබර් 23) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ කාර්යාලයේදී හමුවිය.

එම අවස්ථාවේදී රියර් අද්මිරාල් (විශ්‍රා) ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් ආරක්ෂක ලේකම්තුමන්ට පොපි මලක් පළදවන ලදී.

පොපි මල් දිනය යනු පළමුවන ලෝක සංග්‍රාමය අවසානවීමෙන් පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල යුද්ධයෙන් මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් වෙන්කරන ලද දිනයකි.