ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරයි

ඔක්තෝම්බර් 23, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ත්‍රිකුණාමලය වරායේදී පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරන ලදී. ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සම්බන්ධ කර ගනිමින්  මෙම අභ්‍යාසය සිදු කරනු ලැබුවේ ගැඹුරු මුහුදේදී නෞකාවක් මතට හෙලිකොප්ටරයක් ගොඩබෑමේදී ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ය.

නාවික සහ ගුවන් හමුදාව ඒකාබද්ධව සිදුකල මෙම ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව සිදු කරන ලද අතර ඉදිරි අනාගතයේදී සිදු කරනු ලබන ඒකාබද්ධ මෙහෙයුම් වල සහයෝගීතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම මෙය මනා පිටුවහලක් වනු ඇත.