ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් උතුරු ප්‍රදේශයේ පැළ සිටුවීමේ වැඩසටහනක්

ඔක්තෝම්බර් 26, 2019

උතුරු අර්ධද්වීපයේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදි.

නාවික හමුදා මාධ්‍යයට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීල හරිත සංග්‍රාමය යටතේ මෙම වැඩසටහන පවත්වා ඇත.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා “උත්තර” කඳවුරු පරිශ්‍රය තුල ආර්ථික වටිනාකමකින් යුත් කොස් පැල, අඹ පැල සහ කොට්ටම්බ පැළ රෝපණය කර ඇත.

මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් සහ නාවික හමුදා සාමාජිකයින් සහභාගී වන ලදි.