යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 28, 2019

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 28) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් නියෝජ්‍ය ප්‍රධාන නිරීක්ෂක දිමිත්‍රා ඉඔනව් (Dimitra Ioannou) ගේ නායකත්වයෙන් යුත් දූත පිරිස මෙම හමුවේ දී ආරක්ෂක ලේකම්තුමන් සමග සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ද සහභාගි විය.