ශ්‍රී ලංකා පොලිසියෙන් කළුගඟ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක්

ඔක්තෝම්බර් 30, 2019

ශ්‍රී ලංකා පොලිසිය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක්  සහ රීෆොරස්ට් ආයතනය ඒකාබද්ධව කළුගඟ ඉවුර දෙපස කුඹුක් පැල (Terminalia arjuna)  සිටුවීමේ පරිසර ආරක්ෂණ වැඩසටහනක් සිදුකරන ලදී.

පොලිස් මාධ්‍යට අනුව, කළුගං ඉවුරේ ඛාදනය වැළැක්වීම සහ කදන ජල පවිත්‍රාගාරය අසල ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බවට පත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.
කඳන ජල පවිත්‍රාගාරය ආසන්නයේ සිට කළු ගං ඉවුරේ කිලෝමීටරයකට ආසන්න දුරක කුඹුක් පැල 200 ක් පමණ රෝපණය කෙරිණි