කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්වෙයි

ඔක්තෝම්බර් 31, 2019

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ KDU + වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට එක්කිරීම බදාදා සවස (ඔක්තෝම්බර් 30) ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී සිදු කරන ලදී.

ජාතික ආරක්‍ෂාවේ සෑම අංශයක් කෙරෙහිම අවධානයෙන් සිටීම රටේ සියලු නීතිගරුක සහ සාමකාමී පුරවැසියන්ගේ වගකීමක් වන අතර ඒ පිළිබදව නිරතුරුව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය දියත් කර ඇත.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සිවිල් සහ ආරක්ෂක යන දෙඅංශයෙන්ම සමන්විත විශ්ව විද්‍යාලයක් වන අතර ජාතික ආරක්ෂාවට අදාළ අංශයන් පිලිබදව පුළුල් ලෙස අධ්‍යයනය කිරීමේ හැකියාවද ඇත.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු විශ්වවිද්‍යාල නිළධාරින් සහභාගී විය.