බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ රොබෝ යන්ත්‍ර දෙකක්

නොවැම්බර් 04, 2019

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඉතිහාසයේ ප්‍රථම වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල ගමන් මලු සහ අනෙකුත් උපකරණ පරීක්‍ෂා කිරීම සඳහා නව රොබෝ යන්ත්‍ර දෙකක් යෙදවීමට කටයුතු කරන ලදි. පොලිස් මාධ්‍යට අනුව මෙම රොබෝ යන්ත්‍ර දෙක ගුවන් තොටුපලේ පිටවීමේ හා ඇතුළුවීමේ පර්යන්තයන්හි ස්ථානගත කර ඇත.

චීන රජයෙන් ලද පරිත්‍යාගයක් වන මෙම එක් රොබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 80 කි. පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ තාක්‍ෂණයද රොබෝ යන්ත්‍ර සතුව ඇත.