පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව සොයාගැනීම් යුද්ධ හමුදාව වෙත භාර දෙයි

නොවැම්බර් 05, 2019

ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CRD)  විසින් සිදු කරන ලද  නව සොයාගැනීම් කිහිපයක් අද (නොවැම්බර් 05) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත  භාර දෙන ලදී.

මෙම නව සොයාගැනීම් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් බ්‍රිගේඩියර් මහාචාර්ය එස් ටී එස් ද සිල්වා (විශ්‍රා) විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා වෙත භාරදීමෙන් පසුව ආරක්ෂක ලේකම්තුමන් විසින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදෙන ලදී.

බීටීආර් 80 යුද්ධ ටැංකි සිමියුලේටරය, 81 මිමි මෝටාර් සිමියුලේටරය, සැහැල්ලු වාහන රියදුරු සිමියුලේටරය, ජංගම ජීව වෙඩි පිටිය සහ බැලස්ටික් රසායනාගාරය, වර්චුවල් රියැලිටි පැරෂුට් පුහුණු සිමියුලේටරය සහ අධි තාක්‍ෂණික සොල්දාදුවෙකු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කර ඇත.

සන්නද්ධ හමුදාවන් නවීන විද්‍යාව හා තාක්ෂණය අනුව නව්‍යකරණය කිරීම අරමුණු කරගෙන 2006 වර්ෂයේ ජුලි මස පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නිළධාරින් සහභාගී විය.