ඇෆ්ගනිස්ථාන තානාපති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

නොවැම්බර් 05, 2019

ඇෆ්ගනිස්ථාන තානාපති අතිගරු එම් අෂ්රෆ් හයිදරි (M Ashraf Haidari) මහතා අද (නොවැම්බර් 05) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජනමාධ්‍ය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා හමුවිය.

මෙම හමුව අතරතුර දී රාජ්‍ය අමාත්‍යතුමන් සහ ඇෆ්ගනිස්ථාන තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පවත්වා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව සුහද සාකච්ඡාවක්ද පැවති අතර දෙරට අතර පවත්නා දේශපාලන හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.