දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කෙරේ

නොවැම්බර් 06, 2019

ජනාධිපති මහලේකම් කාර්යාලයේ “රට වෙනුවෙන් එකට සිටිමු” කොළඹ දිස්ත්‍රික්කයේ  පැවැත්වෙන වැඩසටහන යටතේ දෙහිවල දෙමළ මහා විද්‍යාලයේ පාසල් ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් දියේ ගිලීම් වළක්වා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මෑතකදී පවත්වා ඇත.

පාසල් ළමුන් සහ ගුරුවරුන් 100 කට අධික සංඛ්‍යාවකට මෙම වැඩසටහන මගින් ප්‍රතිලාභ සැලසිණි. “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන යටතේ වෙරළාරක්‍ෂක බලකාය විසින් සිදුකරන ලද්දේ ජලයෙන් ආරක්‍ෂාවීම පිළිබඳව දැනුවත් කිරීමේ 5 වන වැඩසටහනයි.