ආරක්ෂක ලේකම් රණවිරු අනුස්මරණ උත්සවය සදහා සහභාගී වේ.

නොවැම්බර් 10, 2019

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුධ ස්මාරකය අභියසදී අද (නොවැම්බර් 10) දින  ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමය (Sri Lanka Ex-Servicemen’s Association - SLESA) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රණවිරු අනුස්මරණ උත්සවය සහ පොපිමල් දිනය සැමරුම් උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.

යුධ ස්මාරකය අභියසදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ පැමිණ සිටි අනෙකුත් ආරාධිත අමුත්තන්  මියගිය රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්විය.

කොළඹ පිහිටි මෙම යුධ ස්මාරකය පළමුව ගාලු මුවදොර ස්ථාපනය වන්නේ 1921 නොවැම්බර් මස 11 වන දින වන අතර දෙවන ලෝක යුධ සමයේ එම ස්ථානයෙන් ඉවත් කර දැනට පිහිටි  විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර ඇත.

මෙම උත්සවය සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රාජ්‍ය නිළධාරින්, ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින්, මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී විය.