ත්‍රිරෝද රථගාල් සහ පදික වෙළඳ කුටි ඉවත් කිරීමේ සුදානමක් නොමැත

නොවැම්බර් 27, 2019

මාධ්‍ය නිවේදනය

මේ වන විට දිවයින පුරා තිබෙන ත්‍රිරෝද රථගාල්, පදික වෙළඳුන් සහ වෙළඳ කුටි ශ්‍රී ලංකා පොලිසිය විසින් එම ස්ථාන වලින් ඉවත් කිරීමේ සුදානමක් පවතින බවට කට කතාවක් ප්‍රචාරය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් කිසි‍දු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර මෙවැනි කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස මහජනතාව වෙත කාරුණිකව දන්වා සිටිමි.  (නිමාව)