පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 29, 2019

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලී (Colonel Sajjad Ali) මහතා අද දින (නොවැම්බර් 29) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී ආරක්‍ෂක උපදේශකතුමන් නව ආරක්‍ෂක ලේකම්වරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.