ආරක්ෂක ලේකම්, ගරු අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි

නොවැම්බර් 30, 2019

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා පළමු වරට අරලියගහ මන්දිරයේදී ඊයේ සවස (2019 නොවැම්බර් 29) ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවිය.

මෙම සුහද හමුවේදී අග්‍රාමාත්‍යතුමන් සහ ආරක්ෂක ලේකම්වරයා අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විනි.

මෙම අවස්ථාව සිහිවීම වස් ආරක්ෂක ලේකම්තුමන් විසින් ගරු අගමැතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදි.