උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් හමුදා කඳවුරු ඉවත් නොකෙරේ - ආරක්ෂක ලේකම්

නොවැම්බර් 30, 2019

ජාතික ආරක්ෂාව අඩාල විය හැකි බැවින් උතුරු හා නැගෙනහිර පළාත්හි හමුදා කඳවුරු ඉවත් නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) WWW RWP RSP USP ndc psc MPhil මහතා පවසයි.

ජාතික ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රදේශයන්හි හමුදා කඳවුරු තිබිය යුතු බව රජයේ අදහසයි.එම නිසා, අප කිසිදු ආකාරයකින් ජාතික ආරක්ෂාව අඩපණ වීමට නොදෙන අතර කිසිවෙකුගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා හමුදා කඳවුරු ඉවත් කරන්නේ නැත.

හමුදා කඳවුරක් නිසා කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයක හානියක් හෝ බලපෑමක් නොකරනු ඇත.ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා 2019 නොවැම්බර් 30 වන දින ශ්‍රී දළදා මාලිගාව වන්දනා කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් පැවසීය.

ආරක්ෂක හමුදාවන් උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන්ට විවිධ ආකාරයේ උදව් උපකාර කළ බවත්, කිසිදු භේදයකින් තොරව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල කුඩා දරුවන් හට උපකාර කිරීමට රජය සූදානම් බවත් එතුමන් විසින් පැවසීය.

 “ ඔවුන්ගේ ආගම, සමාජ තත්වය හෝ වයස කෙසේ වුවද, අප එම සෑම කෙනෙකුටම එක හා සමානව සලකන අතර සෑම කෙනෙකුටම එක හා සමානව සේවය කිරීමට අප සූදානම් ” ආරක්ෂක ලේකම්තුමන් වැඩිදුරටත් පැවසීය.