රජය විසින් ආරක්ෂක මාධ්‍ය ඒකකයන් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක්

දෙසැම්බර් 05, 2019
  • පොලිස් මාධ්‍ය අහෝසි කිරීමට කිසිදු තීරණයක් නොමැත.
  • ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම ආරම්භ කර ඇත.
  • උත්සව සමය තුළ දැඩි ආරක්ෂාව සහතික කෙරේ.

ආරක්ෂාව සබැදි පුවත් වඩාත් ඵලදායී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක මාධ්‍ය ඒකකයන් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරයි.

පොලිස් මාධ්‍ය ඒකකය අහෝසි කිරීමට තීරණයක් නොමැත. නමුත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සඳහා පොදු මාධ්‍ය ඒකකයක් අප සතුව ඇත” ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන් පැවසීය.

මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සදහා පිළිතුරු දෙමින් එතුමන් පවසා  සිටියේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

චීනය විසින් පරිත්‍යාග කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් වටිනා මෝටර් බයිසිකල් 187 ක් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත බෙදා දීමේ උත්සවයකට ගරු අමාත්‍ය රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න(විශ්‍රාමික) මහතා සහභාගී විය.

උත්සව සමයේ දිවයින පුරා ආරක්ෂාව සහතික කිරීමට පියවර ගෙන ඇති බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.

“ජනතාවගේ ආරක්ෂාව සහ ආරක්ෂාව පවත්වාගෙන යාමේ වගකීම රජය සතුය. පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සෝදිසියෙන් පසුවන අතර කිසිවෙකුටත් රටේ ආරක්ෂාවට අභියෝග කල නොහැක” එතුමන් වැඩිදුරටත් පැවසීය.