චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ එක් තීරයක් එක් මාවතක් (B R I) ගොඩනැගීමට මුල පිරීමේ ආරක්‍ෂක කටයුතු පිළිබද තුන්වන මට්ටමේ රැස්වීම

ජුලි 25, 2019

චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ එක් තීරයක් එක් මාවතක් (Belt and Road Initiative) ගොඩනැගීමට අදාළ ආරක්‍ෂක කටයුතු පිලිබඳව තුන්වන මට්ටමේ රැස්වීම අද (ජුලි 25) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. අද පෙරවරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පී වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.

මෙම රැස්වීමට චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් සූයුආන් මැතිතුමා ද සහභාගී විය.

චීන නියෝජිත පිරිසේ ප්‍රධානත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලියු ෂාඔබින් මහතා ය.

ආරක්ක්‍ෂ මාණ්ඩලික ප්‍රධානී, ආරක්ක්‍ෂ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), යුද සහ නාවික හමුදාධිපතිවරුන්, චීන තානාපති කාර්යාල නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ