ඉන්දීය ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 13, 2019

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අශෝක් රාඕ මහතා අද (දෙසැම්බර් 13) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්තුමන් සහ ආරක්ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි. මෙම හමුව සිහිවනු වස් සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.