රුසියානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

දෙසැම්බර් 18, 2019

ශ්‍රී ලංකා රුසියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි ශ්කෝදා (Colonel Denis I.Shkoda) මහතා අද (දෙසැම්බර් 18) දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම අවස්ථාවේදී ආරක්ෂක ලේකම්තුමන් සහ ආරක්ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.