ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජයේ ප්‍රමුඛත්වය - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

දෙසැම්බර් 21, 2019

• ආයෝජකයින්ගේ විශ්වාසය හා සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ක්‍රියාකරයි.

• පසුගිය පස් වසරක කාලය තුළ  හිරිහැරයට හා නින්දාවට ලක්වූ හමුදා සාමාජිකයින්ට සාධාරණය ඉටු කරන බවට ප්‍රතිඥා දේ.

• ස්වෛරී, ගෞරවනීය හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තම උපරිම දායකත්වය ලබාදෙන ලෙස තරුණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

ආයෝජකයින්ගේ විශ්වාසය සහ සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

 “ රටට එරෙහි දේශීය හා ජාත්‍යන්තර තර්ජනයන් පරාජය කිරීම සඳහා ජනතාව අප බලයට ගෙන ආ අතර රටේ දේශපාලන නායකත්වය ජාතික ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීමට දැන් පූර්ණ වශයෙන් කැපවී සිටී” දියතලාව ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයේ  (SLMA)  අද (දෙසැම්බර් 21) දින කෙඩෙට් නිලධාරීන් 321 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය සදහා පැමිණසිටි පිරිස අමතමින්  අගමැතිතුමා පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රට බරපතල විදියට ආර්ථික පසුබෑමටත් ලක්වෙලා තියෙනවා. මෑත කාලයේ ආසියාවේ සිදුවූ මාරාන්තික ප්‍රහාරය වන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ලොකු කුඩා සංචාරක හෝටල් විශාල ප්‍රමාණයක් කරගන්න බැරි තත්වයට පත් වී තිබෙන බව උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා පැවසීය.

“මෙම ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණද බලයේ සිටි අය ප්‍රහාරය පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු ගණන් නොගෙන හිටියේ නමුත් මෙම රජය එම සියලු අභියෝග ජයගන්නව” අගමැතිතුමා පැවසිය.

පසුගිය වසර පහක කාලය තුළ හිරිහැරයට හා නින්දාවට ලක්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට රජය සාධාරණය ඉටු කරන බවට විසිර යන නවක හමුදා නිලධාරීන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්හට පොරොන්දු වූ අගමැති රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙලෙසින්ම  ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයෙන් (SLMA) දෙවන ලුතිනන්වරයකු ලෙස විසිර ගිය බවත් එතුමන් බලයට පත්වීමත් සමඟ රට නව යුගයක් සඳහා නව බලාපොරොත්තු ඇති කරමින් සිටින බවය.

“උද්යෝගිමත් තරුණ කණ්ඩායම් දිවයින පුරා පොදු ස්ථානවල බිත්ති වල චිත්‍ර අදිනවා. පිරිසිදු, සුන්දර හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගැන බලාපොරොත්තුවක් මුලු රට පුරාම පැතිරිලා තියෙනවා. 2006 මේ වගේම උද්යෝගයක් මුලු රට පුරාම ඇතිවුණා එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා තරුණ පිරිස් විශාල වශයෙන් හමුදාවට බැඳුනා. රටේ සියලු කොටස්වල සාමූහික දායකත්වය ඇතිව, එල්ටීටීඊ ඔවුන් පරාජය කිරීම කළ නොහැකි කාර්යයක් යැයි සියලු දෙනා සිතූහ. පරාජය කරන්න බෑ කියපු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමට අපට හැකි විය” යැයි පැවසූ එතුමන් ස්වෛරී, ගෞරවනීය හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා තම ශක්තිය දායක කරන ලෙස තරුණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අගමැති රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම තරුණ නිලධාරීන් ඔවුන්ගේ ජීවිතයේ ඕනෑම වේලාවක භාවිතා කළ හැකි ඉහළ විනයගරුක පුහුණුවක් ලබා ගැනීමට වාසනාව හිමි වූ බවයි.

ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයෙන් ලද පුහුණුව මගින් කෙඩෙට් නිළධාරීන්ට බොහෝ දේ අත්කර ගැනීමට හැකි වන අතර විනය පදනම් කරගත් පුහුණුව මත හමුදා නිලධාරීන් ලෙස වෘත්තියේ යෙදීමට පමණක් නොව වෙනත් ඕනෑම වෘත්තියකට සම්බන්ධ වීමට ද හැකි වනු ඇති බවද  ඔහු පැවසීය.

“අද, ඔබ ලෝකයේ වඩාත්ම කුරිරු ත්‍රස්ත සංවිධානය පරාජය කළ ඉතා ගෞරවනීය හමුදාවකට සම්බන්ධ විය. ඔබ ලෝකයේ සෙසු හමුදා නිලධාරීන් මුණගැසෙන විට, වෙනත් හමුදාවන් අතර අපගේ ශ්‍රී ලාංකික හමුදාවට ඇති කීර්තිය ඔබට වැටහෙනු ඇත” එතුමන් පැවසිය.

ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයේ 94 වන නිත්‍ය කෙඩෙට් නිළධාරි පාඨමාලා අංක 87,87B, නිත්‍ය කාන්තා කෙඩෙට් නිළධාරිනී පාඨමාලා අංක 17, ස්වෙච්ඡා කෙඩෙට් නිළධාරි පාඨමාලා අංක 59, ස්වෙච්ඡා කාන්තා කෙඩෙට් නිළධාරිනී පාඨමාලා අංක 16 යන පාඨමාලාවන්ට අයත්  කෙඩෙට් නිළධාරින් / නිළධාරිනියන්ගේ විසිර යාමේ පෙළපාලිය සදහා ශිරන්ති රාජපක්ෂ මැතිණිය, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න,හිටපු  ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටෙගොඩ, ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊෂ්වරන්, ජේෂ්ඨ නිළධාරින් සහ විසිර යන කෙඩෙට් නිළධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.

කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 87 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීයාට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත බලඇණි භාර නිලධාරී ටී.ජී.පී.එච් කෝදාගොඩ විසින් හිමිකරගන්නා ලදී.

කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 87 B හි සෑම අතීන්ම අතිශූර නිලධාරීයාට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත කණ්ඩායම් භාර නිලධාරී ඒ.එම් චන්ද්‍රතිලක විසින් හිමි කරගන්නා ලදී.

කාන්තා කෙඩෙට් නිළධාරිනී පාඨමාලා අංක 17 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීණියට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත ඛණ්ඩ භාර නිලධාරීණි කේ.පී.ඩී.අයි මධුෂානි විසින් හිමිකරගත් අතර ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 59 හි සෑම අතීන්ම අතිශූර නිලධාරියට හිමි කුසලානය කෙඩෙට් නිලධාරී පී.ඩී.ටී.ආර්.එල්. පුල්ලෙපෙරුම සහ ගෞරවණීය අසිපත කණ්ඩායම් භාර නිලධාරි කේ.එම්.ජී.ඩී.බී කාන්ගර විසින් හිමි කරගන්නා ලදී.

ස්වෙච්ඡා කාන්තා කෙඩෙට් නිළධාරිනී පාඨමාලා අංක 16 හි සෑම අතීන්ම අතිශූර නිලධාරීණියට හිමි කුසලානය සහ ගෞරවණීය අසිපත කණ්ඩායම් මෙහෙයුම් නිලධාරිනි ජේ.පී.ටී රන්මලි විසින් හිමි කරගන්නා ලදී.

සබැඳි පුවත්