ආරක්ෂක ලේකම් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයෙහි අවශ්‍යතා පිළිබදව සොයා බලයි

ජනවාරී 01, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ (SERRIC) නියෝජිතයින් පිරිසක් අද (ජනවාරි 01) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මෙම රැස්වීමේදී නිලධාරීන් විසින් මධ්‍යස්ථානයේ මෙහෙයුම් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරන ලද අතර එහි පවත්නා දුෂ්කරතා, ගැටළු විසඳීම සහ අනාගත ක්‍රියාකාරකම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රය (SERRIC) ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කළමනාකාරිත්වය මත සිදු කරගෙන යනු ලබන ආයතනයකි. මෙම මධ්‍යස්ථානය  ආබාධ සහිත දරුවන් වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් සහ අවධානයක් ලබා දෙන අතරම, සියලුම දරුවන් සඳහා විවෘතව පවතින  ළමා සංවර්ධනය පිළිබඳ දැනුම ලබා දෙන තොරතුරු මධ්‍යස්ථානයකි.

කොළඹ 5  නාරහේන්පිට පිහිටා ඇති  මෙම මධ්‍යස්ථානය මඟින්  විශේෂ අවශ්‍යතා තිබෙන ළමුන් 3000 කට  පමණ  සේවා සපයනු ලබන අතර ඉන් ළමුන් 1946 ක් ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ පවුල්වල දරුවන්ය.

එවැනි දරුවන්ගේ සහජ හැකියාවන්, ශක්තීන් සහ දුර්වලතාවයන් හඳුනා ගැනීම, සායනික සහාය ලබා දීම, දෙමාපියන්ගේ මග පෙන්වීම සහ උපදේශනය ලබා දීම, දරුවන්ගේ සංවර්ධනය සඳහා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ පුද්ගලයාට ආවේණික වූ පූර්ව වෘත්තීය පුහුණුව ලබා දීම එහි අරමුණු කිහිපයකි.

මෙම සාකච්චාව සදහා අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) සමන්ති වීරසිංහ, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂක,කර්නල් ප්‍රසන්න හෙට්ටිආරච්චි,ආචාර්ය ධනපාල,මහාචාර්ය හේමමාලි පෙරේරා යන අයවළුන් සහභාගී වුහ.