ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ආරක්ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 02, 2020

එක්සත් ජාතීන්ගේ තානාපති ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න අද (ජනවාරි 02) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්ෂක ලේකම් සහ එක්සත් ජාතීන්ගේ තානාපති සෙනෙවිරත්න මහත්මිය මෙම රැස්වීමේදී කරුණු ගණනාවක් පිළිබඳව සුහදව සාකච්ඡා කළහ.

තානාපති සෙනෙවිරත්න මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන අතර වර්ෂ  2015 සිට 2019 දක්වා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද කටයුතු කරන අතරතුර ලාඕසයේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර ඇත.