ආරක්‍ෂක ලේකම් කොල්ලුපිටියේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරි කටයුතු නිරික්‍ෂණය කරයි

ජනවාරී 07, 2020

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද දින (07) කොළඹ 03 කොල්ලුපිටියේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රාජකාරි කටයුතු පිළිබඳව නිරික්‍ෂණ චාරිකාවක නිරත විය.  

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක ලේකම් ධුරයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම වරට පවත්වන ලද මෙම සංචාරයේ දී එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡාවකද නිරත විය. අනතුරුව ආරක්‍ෂක ලේකම් විසින් මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වල ප්‍රගතිය සහ අනාගත සැලසුම් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කල අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ද මෙම අවස්ථාවේදී ලබාදුන්නේය.  

පසුව ආරක්‍ෂක ලේකම්තුමන් විසින් එම ආයතනයේ අනෙකුත් නිලධාරින් සමඟද සුහද සාකච්ඡාවක නිරත වු අතර අනතුරුව පරිශ්‍රයේ අනෙකුත් කාර්යාලවලද නිරක්‍ෂණ කටයුතු සිදුකලේය. මෙහිදි ආයතනය තුළ ඔවුන්ට අදාල කාර්යයන් පිළිබඳව විමසමින් අදාල රාජකාරි හා වගකීම් කාර්යක්‍ෂමව ඉටුකිරිමට කටයුතු කරන ලෙස මෙහිදි වැඩිදුරටත් අවධාරනය කර සිටියේය.  

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසන්න කිරුවන්තුඩුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.