නෝර්වේජියානු තානාපති ආරක්ෂක ලේකම් මුණගැසෙයි

ජනවාරී 08, 2020

නෝර්වේ තානාපති ට්‍රීනි ජෝනාලි එස්කෙඩාල් (Trine Jøranli Eskedal) අද (ජනවාරි 08) දින ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමු විය.

තානාපතිවරිය හා නියෝජ්‍ය තානාපතිවරිය පිළිගත් ආරක්ෂක ලේකම් රටේ වත්මන් තත්වය හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ ඔවුන් හට විස්තරයක් කළේය.

ආපදා කළමනාකරණය හා පුනර්ජීව බලශක්ති සංවර්ධනය වැනි ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබා දීමට තානාපතිවරිය විසින් මෙම සාකච්ඡාව අතරතුරදී යෝජනා විය.

මත්ද්‍රව්‍යයන්ට එරෙහිව ක්‍රියා කිරීමේදී නෝර්වේ රාජ්‍යයෙන් ලැබෙන සහාය ආරක්ෂක ලේකම්ගේ ඇගයීමට ලක්විය.

උපදේශක/ නියෝජ්‍ය තානාපතිනි මොනිකා ස්වේන්ස්කරූඩ් (Monika Svenskerud) ද මෙම අවස්ථාවට සහභාගී විය.