ඔබේ දරුවන් මත්ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගන්න - ආරක්ෂක ලේකම්

ජනවාරී 14, 2020
  • ශ්‍රී ලංකාව සාමය අත්කර ගත්තේ වසර ගණනාවක් පුරා සිදුකල කැපකිරීම්වලින් අනතුරුවයි.
  • යුද්ධයේදී ජීවිත දහස් ගණනක් අහිමි වී ඇති අතර , තවත් දහස් ගණනක  ප්‍රමාණයක් තුවාල ලබා ඇත
  • බොහෝ දෙනෙකුගේ ජිවිත රෝද පුටු හා ඇඳන් මතට සීමා වී ඇත.

 ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න තම දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වඩාත් විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර, මේ සදහා විශේෂයෙන් පිහිටුවන ලද නීතිය බලාත්මක කිරීමේ ඒකකවල සහාය ඇතිව එය මර්දනය කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බව පැවසීය.
 
“ අද මෙහි සිටින දෙමව්පියන් අතරින් ජ්‍යෙෂ්ඨතමයා ලෙස  මා ඔබට දෙන උපදේශය නම්  “ඔබේ දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසයි”. අද දින කොළඹ ආරක්ෂක විද්‍යාලයේ පැවතී රැස්වීමකදී දෙමාපියන් සහ දරුවන් අමතමින්  ඔහු පැවසීය.
 
මෑත කාලීන නාවික හමුදාවේ සංඛ්‍යාලේඛන අනුව ‘අයිස්’  නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 ක් සිය භාරයට ගෙන ඇති බව පවසමින් ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 15,000 කට වැඩි පිරිසක් සඳහා මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත් බවයි.

මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටිමින් දෙමාපියන්ගෙන් දිනපතා දුරකතන ඇමතුම් ලැබෙන බවත්, මෙම තත්වය සමාජීය හා ආර්ථික වශයෙන් විශාල හානියක් සිදුකරන බවත් ඔහු පැවසීය.
 
2007 වර්ෂයේ ආරක්ෂක විද්‍යාලයේ සමාරම්භක උත්සවය සිහිපත් කරමින් මේජර් ජනරාල් ගුණරත්න මහතා කියා සිටියේ එම අවස්ථාවට සහභාගී වූ තමන් ඇතුළු අනෙකුත් සියලුම ආරාධිතයින්ට හැඟී ගියේ, පිළිගත් පාසල්වලට ගිය පාසල් දරුවන් වශයෙන් ඔවුන්ට ආරක්ෂක පාසල වැනි නවීන පාසලකට ඇතුලත් වීමට අවස්ථාවක් නොමැති වූ බවයි.

“එබැවින් පාසල නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා පූර්ණ සහයෝගය ලබා දීම දෙමාපියන්ගේ මූලික වගකීම වේ. ඉහළම පහසුකම් සහිත රටේ හොඳම පාසල මෙය වන නමුත් හමුදා සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් පිහිටුවන ලද මෙම පාසල පිළිබඳව මෑත අතීතයේ දී නිසි අවධානයක් යොමු නොවීය.” එසේ පැවසූ ආරක්ෂක ලේකම්වරයා තවදුරත්  කියා සිටියේ තම දරුවන්ගේ දැනුම හා ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරිම පිණීස මෙම පාසලට සහාය දැක්වීම දෙමාපියන්ගේ යුතුකම බවයි.
 
මෙම පාසල පිළීබඳ තමන්ගේ ඇති ප්‍රමුඛත්වයේ පළමු පියවර ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) වජිර පලිහක්කාර මහතා පාසලේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර  විදුහල්පති සහ කාර්ය මණ්ඩලය පරිපාලන හා සැපයුම් කටයුතු වලින් නිදහස් කල බව ඔහු පැවසිය.
 
තම දරුවන් හට මිනිස් වටිනාකම් උගන්වන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි මේජර් ජෙනරාල් ගුණරත්න, ආයතනයේ විශේෂ නඩත්තු කිරීම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන බවට සහතික විය.
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් සිහිපත් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ  එම මාරාන්තික ප්‍රහාරයෙන් ජීවිත කාලය පුරාම පීඩාවිඳින බොහෝ දරුවන් සිටින බවයි.

සිය රාජකාරී අතීතය සිහිපත් කරමින්  ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ තම දියණියගේ විදුහලේ ගුරු දෙගුරු රැස්වීම්  සහ නිවාසාන්තර  ක්‍රීඩා උළෙල  හැර  වෙනත් අවශ්‍යතා සඳහා සහභාගී වීමට තමන් හට කාලයක් නොමැති වූ බවයි.

“ආදරණීය දරුවෙනි, ඔබේ දෙමව්පියන්ගේ කීර්තිය අනුව අන් අයට ඔබව දැනගැනීමට ඉඩ නොදෙන්න. ඔබේම අනන්‍යතාවය සහ පෞරුෂය තමන් විසින්ම තහවුරු කර ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කරන්න'' යැයි ආරක්ෂක ලේකම්වරයා සියළු දරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කරමින්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී  එතුමන්ගේ සංකල්පයක් වූ  භාෂා විද්‍යාගාරයක් විදුහලට ලබා දෙන බවට ආරක්ෂක ලේකම්වරයා පොරොන්දු විය.

“හොඳ පෞරුෂයක් ගොඩනඟා ගැනීමට සහ අනාගතයේ දී වැඩි අවස්ථාවන් සොයා ගැනීමට අතිශයින්ම වැදගත් වන විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. මෙම විද්‍යාලයට හොඳ සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙක් සිටී. දෙමව්පියන් වශයෙන් ඔබ ඇයට ගරු කළ යුතු අතර, ඇගේ යුතුකම් හා වගකීම් ඉටු කිරීමට ඇයට උදව් කළ යුතුය. ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වශයෙන්, මගේ පාසලේ වර්තමාන විදුහල්පතිවරයාට වඩා වයසින් වැඩිමහළු  කීර්තිමත් හා රටේ  ගෞරවයට පාත්‍ර වී ඇති චරිත පවා  විදුහල්පතිවරයාට හොඳින් ගරු කරනු මම දැක ඇත්තෙමි’’ මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

අඩක් නවතා තිබූ නේවාසිකාගාර ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බවට පොරොන්දු වූ ආරක්ෂක ලේකම්වරයා, ඉදිරි වසර පහ තුළ ආරක්ෂක විද්‍යාලය සියළු විභාගවල හොඳම ප්‍රතිඵල සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් දක්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් පැවසීය.