ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා ඇ.ඩො. මිලියන 50 ක් ලබා දීමට ඉන්දියාව පොරොන්දු වේ

ජනවාරී 18, 2020

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් මහතා ඊයේ දින (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී යුධමය  උපකරණ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට පොරොන්දු වී තිබේ.

ඔහුගේ මෙම සංචාරයේදී ඩෝවාල් උපක්‍රමික සහයෝගීතාවය, දෙරට අතර හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම හා ආර්ථික සංවර්ධනය ඇතුලත් ද්වීපාර්ශික වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරන ලදි.

පසුගිය වසරේ නොවැම්බර් මස මැද භාගයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු කොළඹට පැමිණි දෙවන උසස්ම ඉන්දියානූ නිළධාරියා ඩෝවාල් වේ.

දෙරට අතර අන්තර් හමුදා සහයෝගීතාව, වෙරළබඩ ආරක්ෂාව හා වෙරළාරක්ෂක  අන්තර් මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ ප්‍රවාහනය, අනිකුත් නීතිවිරෝධී ජාවාරම් මෙන්ම නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැනි කටයුතු මැඩ පැවැත්වීම පිණිස දෙරටේ වෙරළාරක්ෂක භට කණ්ඩායම් අතර සහයෝගීතාවය හා මෙහෙයුම් පිළිබඳව ද  සංචාරයේ නිරත දූත පිරිස සාකච්ඡා කර ඇත.

ඩෝවාල් සමඟ හමුවෙන් පසුව ජනාධිපති රාජපක්ෂ මහතා ඔහුගේ ට්වීටර් ගිණුමේ මෙසේ සඳහන් කර ඇත: “ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක වන අජිත් ඩෝවාල් මහතා සමඟ මිත්‍රශීලී සාකච්ඡාවක් අද දින පැවැත්විය. ජාතික ආරක්ෂාව පිළිබඳව ද්වීපාර්ශික සහයෝගීතාව ශක්තිමත් කිරීම, බුද්ධිමය තොරතුරු හුවමාරු කරගැනීම සමුද්‍රතීර ආරක්ෂාව හා කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීම මෙහිදී සාකච්ඡාවට භාජනය වු වැදගත් කරුණු අතර සමහරකි.”

බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීමට හා භූ-සම්බන්ධීකරනය මධ්‍යස්ථානයක් පිහිටුවීම පිණිස ශ්‍රී ලංකාවට සහය පලකල ඉන්දීය නියෝජිතයා අනිකුත් කලාපීය රටවල් නිරීක්ෂකයින් ලෙස ඇතුලතුවන පරිදි සමුද්‍රතීර වසම් දැනුවත් භාවය සමාලෝචනය කිරීමේ වැදගත්කම අවධාරනය කළේය.