අනවසර ගිනිඅවි රජය වෙත භාරදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම

පෙබරවාරි 05, 2020
  • දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීමෙහිලා ව්‍යාප්තව පවතින අනවසර ගිනි අවි තර්ජනයක් වන බැවින් එසේ බලපත්‍ර නොමැතිව භාවිතා කරනු ලබන හෝ සන්තකයේ තබාගෙන සිටින අනවසර ගිනි අවි රජයට භාරදීම සඳහා සහන කාලයක් ලබා දීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. එම සහන කාලය 2020 පෙබරවාරි 05ත් 12ත් අතර කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේ.
  • මෙසේ බලපත්‍ර නොමැති ගිනි අවි උක්ත කාලසීමාව තුළදී අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත සන්තකයේ දරන්නන් විසින්  භාරදිය යුතු අතර, එම කාලය තුළදී පොලීසිය වෙත භාර නොදී තවදුරටත් තබාගනු ලබන ගිනි අවි අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා අතර, එම ගිනිඅවි සන්තකයේ තබාගන්නා අයවලුන් හට නීත්‍යානුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ.
  • තවද සහන කාලයෙන් පසුව අනවසර ගිනිඅවි සන්තකයේ තබාගන්නන් පිළිබඳ තොරතුරු ලබා දෙන මෙන් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.