යුද්ධ හමුදාපතිට එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

පෙබරවාරි 16, 2020

ශ්‍රී ලංකාවේ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්  හට සංචාරක තහනමක් පැනවීම පිළිබඳව ශ්‍රී  ලංකා රජය විසින් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

අද දින එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් හමුවූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් එක්සත් ජනපදය  විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්  හට සංචාරක තහනමක් පැනවීම පිළිබඳව   ශ්‍රී ලංකා රජයේ  දැඩි විරෝධය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් එවකට රාජ්‍ය නායකයා විසින් ලුතිතන් ජෙනරාල් සිල්වා යුද හමුදාපති ලෙස පත් කරන ලද බවත්, ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සනාථ කරන ලද හෝ ඔප්පු කර ඇති චෝදනා නොමැති බවත් අමාත්‍යවරයා සිය සාකච්ඡාවේදී නැවත අවධාරණය කළේය. වත්මන් රාජ්‍ය නායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඔහුව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  ලෙස  සේවය උසස් කරනු ලැබුවේ ඔහු දැනට සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වීම හේතුවෙනි.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය:

 

Alternative text - include a link to the PDF!