නව බස්නාහිර ආණ්ඩුකාරතුමන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 08, 2019

බස්නාහිර පළාත සඳහා අලුතින් පත් කරන ලද ආණ්ඩුකාර අසාද් සාලි මහතා, සිකුරාදා (ජනවාරි 04) දින සවස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම සුහද හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් විසින් නව ආණ්ඩුකාරතුමන් වෙත සිය සුභාශිංසන පිරිනැමූ අතර ජාතික ආරක්ෂාව හා සංවර්ධනය වෙනුවෙන් සිය පුර්ණ දායකත්වය ලබාදෙන බව අසාද් සාලි මහතා විසින් සඳහන් කරන ලදී.

මෙම හමුව සඳහා මුස්ලිම් ආගමික නායකයින් පිරිසක් ද ආණ්ඩුකාරතුමන් සමඟ එක්ව සිටියහ.