තුර්කි තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 09, 2019

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ටුන්කා ඔසුහදර් (Mr. Tunca Ozcuhadar) මැතිතුමන් පසුගිය සඳුදා (ජනවාරි 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව ලේකම්තුමන් සහ තුර්කි තානාපතිතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.