ආරක්ෂක අමාත්‍යංශය රණවිරුවන්ගේ ගැටළු විසඳීම සඳහා වන පළමු ජංගම සේවාව කළුතර නගරයෙන් දියත් කරයි

මාර්තු 08, 2020

රණවිරුවන් රැකබලා ගැනීමට කැපවී සිටින රජය, සටනේදී දිවිපිදු හා ආබාධිත තත්වයට පත් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල් වෙනුවෙන්  විශ්‍රාම වැටුප් හා දීමනා වල විෂමතා විසඳීම සඳහා පවත්නා විධිවිධාන නව කැබිනට් පත්‍රිකාවක් මඟින් සංශෝධනය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රදේශයේ මාර්තු 7 වන දින පැවති ‘රණවිරුවන්ගේ’ ජංගම සේවය (WVMS) ආරම්භ කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පවසා සිටියේ රණවිරුවන්ගේ සුභසාධනය සඳහා රජය ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද රණවිර සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන WVMS හි අරමුණ වන්නේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධ පරිපාලන හා සුභසාධන ගැටලු විසඳීමයි.

 “අපගේ පිරිමි සහ කාන්තා රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු විසඳීම සඳහා අප කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් සිටින්නෙමු.” ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක ලේකම් ප්‍රධාන දේශනය පවත්වමින් පැවසීය.

ආබාධිත රණවිරුවන්, වැන්දඹුවන් සහ පවුල් සඳහා විශ්‍රාම වැටුප් හා දීමනා ලබා දීම පිළිබඳව බොහෝ කරුණු විමසා බැලීමෙන් පසු පෙර යෝජනා ක්‍රමයේ පවත්නා තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීම සඳහා නව කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව ඔහු අනාවරණය කළේය.

“අපගේ රණවිරුවන් සඳහා සියලු පහසුකම් සැපයීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ප්‍රතිඥා දී ඇති අතර, අපගේ වැඩපිළිවෙල දිගටම කරගෙන යනු ඇත,” ඔහු පැවසීය.

රණවිරුවන් සහ වැන්දඹුවන් පිරිසක් විසින් මෑතකදී කරන ලද විරෝධතා පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා  සිටියේ සමාජය රණවිරුවන් දෙස ඉතා ගෞරවයෙන් බැලූ බවත්, මිනිසුන්ගේ ගෞරවය ලබා ගැනීම සඳහා හොදින් හැසිරීම ඔවුන්ගේ වගකීම බවත්ය.

 “අප අන් අයගේ දේශපාලන රුකඩයන් නොවී රණවිරුවන් ලෙස අප උපයා ඇති ගෞරවය නැති කර නොගනිමු. දැඩි හිරු රශ්මියේ උද්ඝෝෂණයන් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ඔවුන්ට කරදරයකින් තොර සේවාවක් සැපයීම සඳහා අප ක්‍රියාමාර්ග ගෙන ඇත.  ”ඔහු පැවසීය

ආරක්ෂක ලේකම්ගේ සංකල්පයක් වන WVMS සංකල්පය අමාත්‍යාංශයේ මූලික පියවරක් ලෙස රණවිරුවන්ගේ සහ පවුල්වල පරිපාලනමය හා සුභසාධන ගැටළු සඳහා තිරසාර හා කඩිනම් විසඳුම් හඳුනා ගැනීම අරමුණු කර ගෙන ආරම්භ කර ඇත.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් සහභාගී වුහ.