ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ මහතාට එතුමාගේ පාසැල් ශිෂ්‍යභටයකුගේ සිට ආරක්ෂක ලේකම් දක්වා වූ තේජාන්විත ගමන සිහිපත් කරවමින් සිහිවටනයක් ප්‍රදානය කරයි

ජුලි 25, 2019

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා මහතා අද (ජූලි 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක, නිලධාරීන් සහ ශිෂ්‍යභටයින් වෙනුවෙන් මේජර් ජෙනරාල් එම් එම් එස් පෙරේරා මහතා විසින් මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය. එතුමන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය භටයෙකු (ලාන්ස් කෝප්‍රල්/සැරයන්) ලෙස සහ ඡ්‍යේෂ්ඨ ශිෂ්‍ය භටයෙකු (කණ්ඩායම් උපකරණ පාලන සැරයන්) ව සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදී අධිකාරීලත් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවට එක්ව තම සේවා කාලය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන යුද්ධ හමුදාධිපති හා දැනට මෙතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය හොබවයි