සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

74 වැනි ජාතික මල්ලවපොර කාන්තා ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා‍ගනී

කොළඹ ටොරින්ටන්හි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පසුගියදා පැවති 74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් සමත්වූහ.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා නාවික හමුදාව මල්ලවපොර ශූරතාව දිනා ගනී

කොළඹදී පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලියේ අඛණ්ඩව 20 වැනි වරටත් ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ වූ බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.


සිදුවීම් | සිදුවීම්

බදුල්ලේ ගින්න ගුවන් හමුදාව නිවා දමයි

කන්දෙපුහුල්පොල වනාන්තර ප්‍රදේශයේ හටගත් මහා පරිමාණ ලැව්ගින්නක් පසුගියදා මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.


සිදුවීම් | සිදුවීම්

අගමැති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ යුද ස්මාරකය විවෘත කරයි

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද යුද ස්මාරකය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඊයේ (පෙබ 17) විවෘත කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් රක්නා ආරක්‍ෂක ලංකා සමාගමේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 17) බත්තරමුල්ල සුහුරුපාය සංකීර්ණයේ පිහිටි රක්නා ආරක්‍ෂක ලංකා සමාගමෙහි සංචාරයක නිරතව එහි ප්‍රගතිය සමාලෝචනය කළේය.


සිදුවීම් | සිදුවීම්

එක්සත් ජනපද සහකාර ආරක්‍ෂක ලේකම් ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය ඇමති
සහ ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දු පැසිෆික් ආරක්‍ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපද ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්‍ෂක ලේකම් ජෙඩිඩිය පී රොයල් (Jedidiah P Royal) ප්‍රමුඛ නියෝජිත පිරිස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ. 16) අවස්ථා දෙකකදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

අසරණ අයවළුන්ට යුද හමුදාවෙන් උපකාර

උතුරු පළාතේ උදයාර්කට්ටු ප්‍රදේශයේ සිසුන් පිරිසකට නව සපත්තු පිරිනැමීමේ වැඩසටහනක් මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සාමාජිකයින් පසුගියදා (පෙබ 05) පවත්වන ලදි. 68 වන සේනාංකයට අයත් 682 පාබල බලසේනාවේ 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් වල මූල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බව යුද හමුදා මාධ්‍ය පැවසීය.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල උපාධි අධ්‍යයන පීඨයට
විද්‍යුත් පුස්තකාලයක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් පසුගියදා උපාධි අධ්‍යයන පීඨ පරිශ්‍රයේ විද්‍යුත් පුස්තකාලයක් (e-Library) ආරම්භ කරන ලදි.

 


සිදුවීම් | සිදුවීම්

තුර්කි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව වන සඳහා තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සර්වෙට් ඔකුමස් අද (පෙබ 3)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නේපාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාවේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රාම් චන්ද්‍ර කට්රි අද (පෙබ 3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

අයිවරි කෝස්ට් තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

අයිවරි කෝස්ට් තානාපති අතිගරු Eric Camille N'dry මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (පෙබ 03) කොළඹ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආහාර සුරක්‍ෂිතතාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා වැදගත් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

අද ශ්‍රී ලංකා රජය අප රටේ ආහාර සුරක්‍ෂිතතාව සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර එහිදී  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය ඉතා තීරණාත්මක බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පැවසීය.


සිදුවීම් | සිදුවීම්

බංගලාදේශ සහ නේපාල විදේශ අමාත්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණේ

බංගලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් අද (පෙබ‍රවාරි 02) දිවයිනට පැමිණෙන ලදි.


සිදුවීම් | සිදුවීම්

සෞදි අරාබි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Staff Brig. Gen. (Dr.) Mohammad Essa H Alhrbi  මහතා අද (පෙබ 02) ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

යුද හමුදා භට පිරිස් වේරගම වෙල්යායේ ගින්න නිවා දමයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සිටින හමුදා භට පිරිස්, කළුතර ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් එක්ව වේරගම වෙල්යායක හටගත් ගින්න පැතිරීම පාලනය කිරීමට ක්‍රියාකර ඇත


සිදුවීම් | සිදුවීම්

යාපනය ප්‍රදේශයේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි

වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨයේ අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පර්යේෂණ අංශය විසින් සංවිධානය කරන ලද අවසන් වසර ව්‍යාපෘති ප්‍රදර්ශනය පසුගියදා ඉංජිනේරු පීඨයේදී පැවැත්විණි. 


සිදුවීම් | සිදුවීම්

රදැල්ලේදී අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා යුද හමුදා සහාය

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් 41 දෙනෙකු, ගුරුවරුන් 8 දෙනෙකු සහ එම සිසුන්ගේ දෙමාපියන් රැගත් බස් රථයක් ඉකුත් සිකුරාදා (20) දින සවස 7.00 ට පමණ නුවරඑළිය - හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී එම බස් රථය අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඇති අතර අනතුරට පත් මගීන් මුදාගැනීමේ කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් යුහුසුළුව කටයුතු කළහ.


සිදුවීම් | සිදුවීම්

කර්නල් නලින් හේරත් ගේ නවතම කෘතිය ජනාධිපතිතුමන් වෙත පිරිනැමේ

කර්නල් නලින් හේරත් විසින් රචිත “STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” නම් නවතම කෘතිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.


සිදුවීම් | සිදුවීම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අතිගරු කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (ජනවාරි 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක්
නිපදවීමට නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අවබෝධතා ගිවිසුමක්‍ අත්සන් කිරීම 2022 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.


සිදුවීම් | සිදුවීම්

රණවිරු සේවා අධිකාරියෙන් සුව සායන වැඩසටහනක්

රණවිරු සේවා අධිකාරිය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන "හෙළවිරු සුව ධරණී" සුව සායන වැඩසටහන් මාලාවේ තවත් අධියරක් පසුගියදා මාතලේ අලුවිහාරය විහාරස්ථානයේ දී පවත්වන ලදි.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය නාවික හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් අද (දෙසැම්බර් 14) කොළඹ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

පිලිපීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පිලිපීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රොලන්ඩෝ පී ගෝමස් (Rolando P Gomez) අද (දෙසැම්බර් 09) බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (දෙසැම්බර් 08) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.