සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

වැලිවිටියේ සුමන නාහිමි සම්භාවනා පූජෝත්සවය ආරක්ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන්

පූජ්‍ය වැලිවිටියේ සුමන නාහිමි “උපාධ්‍යාය” උතුම් ශාසනික පදවියෙන් පිදුම් ලැබීමේ උත්සවය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගිත්වයෙන් අද (පෙබ 27) දින පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

දීඝවාපි පුදබිම වෙත සර්වඥ ධාතූන් වහන්සේලා සහ
චූඩා මාණික්‍ය වැඩම කරවීමේ පුණ්‍යෙත්සවය

බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත්වී වදාල පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ සිවුවන වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම


සිදුවීම් | සිදුවීම්

සඳහිරු සෑ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ
පුණ්‍යෙත්සවය මාර්තු 5 වනදා

සඳහිරු සෑ පුදබිමේ තැන්පත් කිරීමට නියමිත අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් රථ පෙරහැර මාර්තු මස 4 වන සිකුරාදා උදෑසන 9.00ට මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයෙන් ආරම්භ කෙරේ.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රි ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානී මැණික් අමරසිංහ මහත්මිය අද (පෙබ 24) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව කලාපීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක

ඕස්ට්‍රේලියාවේ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ගෝලීය කටයුතු පිළිබඳ ශාඛාවේ සහකාර ලේකම් ටොම් මෙනාඩුයි මහතා අද (පෙබ 17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

උතුරු මැද පළාතේ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

උතුරු මැද පළාතෙහි තෝරාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම පසු ගියදා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතනයේ දී සිදුවිය.


සිදුවීම් | සිදුවීම්

රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක්

කලුතර දිස්ත්‍රික්කයේ ඊ.එස්.ආර්. සාගර සිල්වා රණවිරුවා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ එච්.ඒ.ඩබ්ලිව් ද සිල්වා රණවිරුවා සහ ජී.ඩී. පුෂ්පකුමාර රණවිරුවා හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( පෙබරවාරි 14 ) දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුවිය.


සිදුවීම් | සිදුවීම්

නව පකිස්ථාන මහකොමසාරිස් සහ ආරක්‍ෂක ලේකම් අතර සාකච්ඡාවක්

අභිනවයෙන් පත් ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස්, අතිගරු මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) අද (පෙබරවාරි 11) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

රණක්ෂිත රණවිරු විද්‍යුත් යතුරු පැදි ප්‍රදානයේ තවත් අදියරක් සෙන්කඩගල දී

මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක්, කෘතිම පාද, ඇස් කණ්නාඩි යූවල් සහ ආබාධිත සහයක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ ( පෙබරවාරි 09 ) දින මහනුවර දෙවන සිංහ රෙජිමේන්තු කදවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

 

 

 

 

 

 

 


සිදුවීම් | සිදුවීම්

රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( පෙබරවාරි 09) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට
විද්‍යුත් ආරෝපිත යතුරුපැදි

සබරගමුව සහ ඌව පළාත් වල රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි නවයක් සහ සහායක උපකරණ කට්ටල ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 09) දින රත්නපුර කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන කඳවුරේදී රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.


සිදුවීම් | සිදුවීම්

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන නයිජීරියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනි වික්ටර් කුජෝ අද (පෙබ 2) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

තුර්කි ආරක්‍ෂක උපදේශක මෙරට ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන තුර්කි ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්යා මෙරට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (පෙබ 2) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ගුවන් හමුදාවට අංග සම්පූර්ණ නව රෝහලක් සඳහා මුල්ගල තැබේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නවීන අංග සම්පූර්ණ රෝහලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද (ජනවාරි 27) සිදු කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

පූජ්‍ය කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත උපප්‍රධාන සංඝනායක පදවි ප්‍රදානය ආරක්‍ෂක ලේකම් සහහාගිත්වයෙන්

කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධීශ්වර අතිගරු කොලමුන්නේ සුමනවංස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ‘ධර්මකීර්ති ශ්‍රී සුමංගල’ යන ගෞරව නාම සම්මුතිය සහිත ‘ගල්ගොඩ මහා විහාර පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනැමීම වෙනුවෙන් අද (ජනවාරි 23) සංවිධානය කර තිබූ උත්සවයේදී ආරක්‍ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් කොළමුන්නේ සුමනවංස හිමියන් වෙත විජිනිපත පූජා කළේය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිරිත් පිංකම ආරක්‍ෂක ලේකම්ගේ සහභාගිත්වයෙන්

කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ පහළොස්වන සංවත්සරය සමරනු වස් සංවිධානය කල සර්ව රාත්‍රික පිරිත් පිංකම ඊයේ (ජනවාරි 19) දින ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ සහභාගිත්වයෙන් එම පාසල් භූමියේ දී පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය පරිගණක විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් එළිදක්වයි

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය මගින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර පරිගණක පර්යේෂණ සඟරාවේ පළමු වෙළුමේ පළමු කලාපය පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී එළිදැක්විණි.


සිදුවීම් | සිදුවීම්

ඊජිප්තු නව තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති, අතිගරු මජෙඩ් මුස්ලෙහ් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී අද (ජනවාරි 12) දින හමුවිය.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල විශ්වවිද්‍යාල නව හෙද උපාධි අපේක්ෂකයින්
සිය ප්‍රතිඥාව ලබාදෙයි

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ පාඨමාලා අංක 35 සහ 36 ට අයත් හෙද උපාධි අපේක්ෂකයින් ප්‍රතිඥා ලබාදීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ජනවාරි 04) වේරහැර පිහිටි සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ දී සිදු කෙරිනි.


සිදුවීම් | සිදුවීම්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 2022 වසරේ රාජකාරී කටයුතු අරඹයි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 03 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 2022 වසර සඳහා රාජකාරී ආරම්භ කරන ලදී.
 


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතනවල නව වසරේ වැඩ ආරම්භ කිරීම ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්

ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල 2022 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ
“E-පුස්තකාලය” ලෙස නව විශේෂාංගයක්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk එහි නවතම විශේෂාංගය ලෙස ‘E-පුස්තකාලයක් (Virtual Library)’ එක් කර ඇති අතර, පාඨකයින් හට තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා නොමිලේ ලබාගත හැකි විද්‍යුත් පොත් රාශියක් වෙත පිවිසීමට මෙමගින් පහසුකම් සැලසේ.


සිදුවීම් | සිදුවීම්

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් සඳහා රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

2019 මූල්‍ය වර්ෂයට අදාළව රාජ්‍ය අංශයේ ‘වාර්ෂික වාර්තාව සහ ගිණුම්’ සඳහා වන රිදී සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පිරිනමන ලදී.


සිදුවීම් | සිදුවීම්

රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික ක්‍රියාකාරී සැලස්ම සඳහා වැඩමුළුවක්

රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරනු ලබන අංශ ආයතන ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම ලබාදීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 27 වන සදුදා රණවිරු සේවා අධිකාරියේ දී සංවිධානය කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රධානි සහ
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි අතර හමුවක්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුගා මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගියදා (දෙසැම්බර් 14) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍ර රක්ෂා හිදී හමුවිය.