සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිෂුකොෂී හිදෙකි මැතිතුමා අද (දෙසැ 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තෙල් හා රසායනික කාන්දු ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ ‘තෙල් සහ රසායනික කාන්දු ප්‍රතිචාරය’ පිළිබඳ දෙදින සම්බන්ධීකරණ රැස්වීමක් දෙසැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී සංවිධානය කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

සෙනගාල ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය සහ ශ්‍රී ලංකා සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මලික් තියව් අද (දෙසැ 10) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නික්මයන එක්සත් රාජධානියේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (දෙසැම්බර් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

යුද හමුදා ක්‍රීඩකයින් බංගලාදේශයේ දී බැඩ්මින්ටන් ශුරතාවයක් දිනා ගනී

ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.


සිදුවීම් | සිදුවීම්

ඉතාලි ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතාලියේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබ්‍රිසියෝ ෆල්සි, ඉතාලි තානාපතිනි අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මැතිණිය සමඟින් අද (දෙසැම්බර් 06) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් පොත් එළිදැක්වීමේ උත්සවයකට සහභාගි වෙයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් කොළඹ දී අද (දෙසැම්බර් 05) දින සංවිධානය කරන ලද ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගි විය.


සිදුවීම් | සිදුවීම්

එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා රන් සම්මාන දිනේෂ්ට සහ දුලාන්ට

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල සහයෝගිතාවෙන් පැවැති එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2020 උළෙලේ වසරේ සබුද්ධි ක්‍රීඩා රන් සම්මානයෙන් පැරාඔලිම්පික් රන්පදක්කම්ලාභී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බලලත් නිලධාරී 1 දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම්ලාභී කෝප්‍රල් සමිත දුලාන් පිදුම් ලැබීය.


සිදුවීම් | සිදුවීම්

සන්නද්ධ හමුදාවන් වෙත උසස් තත්වයේ මුහුණු ආවරණ

සම්පුර්ණයෙන්ම කපු භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ තොගයක්, ‘Esquel Sri Lanka Limited‘ වෙතින් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.



සිදුවීම් | සිදුවීම්

රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවෙන් පිටත් වේ

පසුගිය සඳුදා දින ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් අද (නොවැ 24) දිවයිනෙන් පිටත්ව ගියේය.


සිදුවීම් | සිදුවීම්

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් ජනපති හමුවෙයි

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

රුසියානු ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවට පැමිණෙයි

රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් සඳුදා (නොවැම්බර් 22) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට සහභාගි වේ

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (නොවැම්බර් 21) දින සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති බංගලාදේශ 50 වැනි සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.



සිදුවීම් | සිදුවීම්

නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක කාන්තා නැවි ගයන්තිකා අබේරත්න, ඔක්තෝබර් 30 සහ 31 යන දිනවල සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර් 1500 සහ 5000 ඉසව් වල නව ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් වූවාය.


සිදුවීම් | සිදුවීම්

පළමු පොපි මල ජනපතිට පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පළඳවයි.


සිදුවීම් | සිදුවීම්

පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපතිට

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල එම සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් අද (26) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පලඳන ලදි.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවේ

මේජර් ජෙනරල් හරි බී පිල්ලේගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිතයින් පිරිසක් අද (ඔක්තෝම්බර් 18) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශ සංකීර්ණයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවූහ.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඇතුළු දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ඔක්තෝබර් 13) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමු වූහ.


සිදුවීම් | සිදුවීම්

රාජ්‍ය බුද්ධි සේවාව සිය 80 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ පැරණිතම බුද්ධි සේවාව වන රාජ්‍ය බුද්ධි සේවාව 2021 ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදුනු සිය 80 වන සංවත්සරය ආරක්‍ෂක, ජාතික ආරක්‍ෂක හා ආපදා කළමණාකරන අමාත්‍යාංශයන්හි ගරු ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව චාම් හා අභිමානවත් ලෙස පැවැත්වීය. මෙම උත්සවයට පෙරදින පස්වරුවේ රාජ්‍ය බුද්ධි සේවා මුලස්ථානයේ පිහිටි විරු ස්මාරකය ඉදිරිපිටදී රටදැය වෙනුවෙන් දිවිපිදු බුද්ධි සේවා විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු සර්ව ආගමික වතාවත් සිදුකරමින් මියගිය විරුවන් සිහිකරමින් පිං පැමිණවීම හා එම ආයතනයට, නිලධරයින්ට හා රටට සෙත් පැතීම සිදු කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පාකිස්ථාන විශ්වවිද්‍යාලයක් සමඟ සහයෝගිතාවයකට

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පාකිස්ථානයේ ‘COMSATS’ විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ලේඛනයක් පසුගියදා අත්සන් කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

දකුණු සුඩානයේ ශ්‍රී ලංකා සාමසාධක භට කණ්ඩායමට පදක්කම් පිරිනැමේ

දකුණු සුඩානයෙහි එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් සඳහා පදක්කම් පිරිනැමීම පසුගියදා දකුණු සුඩාන රෝහල් පරිශ්‍රයේදී සිදුකරන ලදී.


සිදුවීම් | සිදුවීම්

රණවිරු දරු දැරියන් 17000 කට රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව

ජාතියේ නිදහස උදෙසා කැපවුනු සමාජයේ අවධානයට ලක්විය යුතු අපේම දරු දැරියන් කොටසක් තම දෙමව්පියන් අහිමි ව ඔවුන්ගේ විඩාබර කඳුළු මැද ගෙවූ ජීවිත කතාවක් යථාර්ථයක් බවට පත් කරගන්නට උදව් උපකාර කරන රණවිරු සේවා අධිකාරියේ අධ්‍යාපන ශිෂ්‍යත්ව හා තරුණ කටයුතු අංශය විසින් 2021 ලෝක ළමා දිනය රණවිරු දුවා දරුවන් ඇතුළු සමස්ත දූ දරුවන්ට සුභ ලෝක ළමා දිනයක් වේවායි සුභ පැතුම් එක් කර සිටී.


සිදුවීම් | සිදුවීම්

‘2021 දියකාවා යුද අභ්‍යාසය’ සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය’ පසුගිය බදාදා (සැප්තැම්බර් 29) දින ත්‍රිකුණාමලය, කුච්චවේලිහිදී සාර්ථකව නිමාවට පත් විය.