සිදුවීම්


සිදුවීම් | සිදුවීම්

තනි පුද්ගලයකුගේ කැමැත්තකට අනුව රටේ නීති වෙනස් කළ නොහැකියි - ආරක්ෂක ලේකම්

“රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹවීමට හෝ වෛරී දේශපාලනය වපුරා ජාතින් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැහැ”, යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසීය‍.


සිදුවීම් | සිදුවීම්

කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වේ

නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් අද (මාර්තු 8) දින නාවික හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘සිඳුලිය’ සඟරාව එළිදැක්වීම සිදුකරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ආනන්ද විද්‍යාලීය ලියෝ සංගමයෙන් මුව ආවරණ 10,000 ක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සංගමය විසින් මුව ආවරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත  අද (මාර්තු 8) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පරිත්‍යාග කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ඉතාලි තානාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී  ලංකාවේ සහ මාලදිවයිනේ ඉතාලි  තානාපතිනිය වන අතිගරු රිටා මැනෙලා  මැතිනිය අද (මාර්තු 5) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 04) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී හා ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ  බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මසිහුස්සමාන් සෙර්නියාබාත් අතර හමුවක් අද (මාර්තු 04) දින අමාත්‍යාංශයේදී පැවත්විණි.


සිදුවීම් | සිදුවීම්

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

එකසත් ජනපදයේ පැසිෆික් කලාපයේ ගුවන් හමුදා ප්‍රධානී ජෙනරල් කෙනෙත් එස් විල්ස්බැච්, ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අමාත්‍යාංශයේ දී අද (මාර්තු 04) දින හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 11 ක් සැපිරේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ එකලොස් වන සංවත්සරය අද (මාර්තු 4) දිනට යෙදී තිබේ.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං භහදුරියා සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 03) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

 


සිදුවීම් | සිදුවීම්

'මිහිඳු සෙත් මැදුර' රණවිරුවන් සඳහා වර්ණවත් සන්ධ්‍යාවක්

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණියගේ අනුග්‍රහය යටතේ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් සඳහා වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ඊයේ (පෙබරවාරි 20 ) සවස පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දුගේ ගුණ සැමරේ

‘දුපත් රාජ්‍යයක මුහුදු බලය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු’ යන තේමාව යටතේ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු 4 වන වාර්ෂික  අනුස්මරණ දේශනය ඊයේ (පෙබරවාරි 19) දින පැවැත්විය.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකාව ගෝලීය පරිවර්තනයන් සමග වේගයෙන් අනුගත විය යුතුයි – ජනපති අවධාරණය කරයි.

ගෝලීය හැලහැප්පීම් සහ පරිවර්තනයන් සමග ශ්‍රී ලංකාව වේගයෙන් අනුගත විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.


සිදුවීම් | සිදුවීම්

ඓතිහාසික බෙල්ලන්විල බෝධි ප්‍රාකාරය ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

ගරු. අග්‍රාමාත්‍ය සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 13) දින ඓතිහාසික බෙල්ලන්විල විහාරයේ බෝධිඝරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අරඹමින් සුභ මොහොතින් මුල්ගල තැන්පත් කිරිමේ කාර්යය සඳහා එක්විය.


සිදුවීම් | සිදුවීම්

කොවිඩ් -19 සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක් - ආරක්ෂක ලේකම්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අභියෝගයට ලක් වූ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය ගැන සඳහන් කරමින් “Institute of Supply and Materials Management (ISMM)” වැනි සංවිධාන ප්‍රායෝගික ක්‍රමවේදයක් භාවිතා කිරමින් පීඩාවකින් තොරව සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ අභියෝග ජය ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙමි.” යනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසන ලදී.


සිදුවීම් | සිදුවීම්

73 වන නිදහස් සැමරුම සඳහා සියල්ල සුදානම්

එළඹෙන 73 වන නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා අද දින (පෙබරවාරි 2) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී නිරීක්ෂණය කරන ලදී.


සිදුවීම් | සිදුවීම්

දීඝවාපිය ස්ථූපය සඳහා අවශ්‍ය වන ගඩොල් යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා දිනකට අවශ්‍ය සම්මත ගඩොල් 30,000 ක පමණ ප්‍රමාණය  යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජනවාරි 26) දින පැවසිය.


සිදුවීම් | සිදුවීම්

ගුවන් හමුදා වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය ආරක‍්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් (Eagles’ Golf Links) විසින් සත්කාරකත්වය දරණ ත්‍රිකුණාමලය චීන වරායේ පැවති  ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය - 2021 හි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.


සිදුවීම් | සිදුවීම්

අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට

මහාබෝධි සමාගමේ ශ්‍රී ලංකාවේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුග්‍රහය යටතේ බුදු දහම ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ අරමුණින් හෝමාගම විමලඥාන විහාරස්ථානයේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා ඊයේ (ජනවාරි 21) දින මුල්ගල තබන ලදී.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් 73 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව පැවැත්වේ - ආරක්‍ෂක ලේකම්

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් හා ජාතියේ අභිමානය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.


සිදුවීම් | සිදුවීම්

ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ වැඩ භාරගනී.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ අද (ජනවාරි 19) දින වැඩ භාර ගත්තේය.


සිදුවීම් | සිදුවීම්

ජාතික ශිෂ්‍ය භට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවේ

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර මහතා රාජකාරිය භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායකවරයා ආරක්ෂක ලේකම් හමුවේ

ආරක්ෂක සේවා අණදෙන හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් අයි.එච්.එම්.එන්.එන්. හේරත් මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.



සිදුවීම් | සිදුවීම්

රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක  කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (ජනවාරි 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.