සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

යුද හමුදා සම්බන්ධීකරණයෙන් මාන්කුලම් සිසුන් වෙත
පුස්තකාල පොත් පරිත්‍යාගයක්

රාජකීය විද්‍යාලයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් යුතුව මාන්කුලම් මහා විද්‍යාලයේ සහ ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත පුස්තකාල පොත් පරිත්‍යාගයක් සිදුකරන ලදි.


සිදුවීම් | සිදුවීම්

රණවිරු සේවා අධිකාරියට නව අධ්‍යක්‍ෂවරයෙක්

රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් පත් කර ඇත.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්නයිපර් වෙඩික්කරුවන් ‘Sharp Blade-2023’ ජාත්‍යන්තර ස්නයිපර් තරඟාවලියේ හොඳම කණ්ඩායම්
ක්‍රියාකාරකමට හිමි සම්මානය චීනයේ දි දිනාගනි

චීනයේ, උරුම්කි ප්‍රදේශයේ චීන මහජන සන්නද්ධ පොලිස් බලකායේ පුහුණු කඳවුරකදී පැවති ‘Sharp Blade-2023’ ජාත්‍යන්තර ස්නයිපර් තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවන් හොඳම කණ්ඩායම් ක්‍රියාකාරකමට හිමි සම්මානය දිනාගත්හ.


සිදුවීම් | සිදුවීම්

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නියෝජිත පිරිසක්
වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායේ නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (ජුලි 21) වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු R. Demet Sekercioglu මැතිනිය වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ජුලි 21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.


සිදුවීම් | සිදුවීම්

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සාමාජිකයින්
සිවිල් වැසියන් වෙනුවෙන්ප්‍රජා සත්කාර වැඩසටහනක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර මගින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රාථමික විද්‍යාලයේදී පසුගියදා සංවිධානය කර තිබු අතර, එහිදී සිවිල් වැසියන්ට අත්‍යාවශ්‍ය වියළි සලාක මල්ලක් සහ ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් බෙදාදීමක් සිදුකරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියට එක්වේ

දියගම මහින්ද රාජපක්‍ෂ ‍ක්‍රීඩාංගණයේදී පැවති කොළඹ විවෘත දුනු විදීමේ ජාත්‍යන්තර තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.


සිදුවීම් | සිදුවීම්

රණවිරු සුබසාධනයේ තවත් ඓතිහාසික පිටුවක් අලුතෙන් ලිය වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව පුලියන්කුලම ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී 1997 අගෝස්තු මස 21 වන දින ත්‍රස්තවාදීන් විසින් අටවන ලද මර උගුලකට හසු වීමෙන් තම දකුණු අත අහිමි වූ රණවිරු සැරයන් එච්.ජී නෙලුම් කුමාර වෙත කෘතිම අතක් ලබාදීම රණවිරු සේවා අධිකාරියේදී සිදුකලේය.


සිදුවීම් | සිදුවීම්

කොළඹ ආරක්‍ෂක සමුළුව 2023 මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වේ

දකුණු ඉන්දීය සාගර කලාපයේ අන්තර් සම්බන්ධතාවය සහ ආරක්‍ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 7 වැනි කොළඹ ආරක්‍ෂක සමුළුව ඊයේ (2023 ජූලි 12) දින පැවැත්විණි.


සිදුවීම් | සිදුවීම්

INSEE සිමෙන්ති සමාගම විසින් විරුසර වරප්‍රසාද කාඩ්පත් හිමි රණවිරුවන් සඳහා සහනදායී මිල යටතේ සංස්ථා සිමෙන්ති නිකුත් කිරීම අරඹයි

මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදූ රණවිරුවන්ගේ ළඟම ඥාතීන්ට, ආබාධිත රණවිරුවන් හා දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් සහන මිලක් යටතේ INSEE සිමෙන්ති ලබා ගැනීම සදහා රණවිරු සේවා අධිකාරිය හා INSEE සමාගම විසින් අවබෝධතා ගිවිසුම් සදහා අත්සන් තබන ලදී.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානිතුමන් පත් කෙරේ

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව 2023 ඡුලි 09 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර් එස් වික්‍රමරත්න මහතා වෙත  නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ (ජුලි 06) කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර රාජකාරීන් භාර ගැනීමෙන් පසු ප්‍රථම හමුව රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (ජුලි 06) සිදුවිය.


සිදුවීම් | සිදුවීම්

නික්ම යන පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් සිය ධූරයේ රාජකාරී නිමාවෙන් අනතුරුව අද දින (ජූලි 06) ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

මුලතිව් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් ඉදිකළ නිවසක්

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී මුලතිව්, වල්ලුවර්පුරම් ප්‍රදේශයේ පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රදානය කෙරිණි.


සිදුවීම් | සිදුවීම්

වවුනියා සිවිල් වැසියන්ට යුද හමුදාවේ සෞඛ්‍ය ව්‍යාපෘති හරහා ප්‍රතිලාභ

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුධ හමුදා ක්ෂේත්‍ර රෝහලේ දී  පසුගියදා ලේ පරිත්‍යාග වැඩසටහනක්  සංවිධානය කර වවුනියාව දිස්ත්‍රික් රෝහලේ පිහිටි ලේ බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

නාවික හමුදාව නැගෙනහිර කලපුවේ කඩොලාන වගා කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් විසින් සඳුදා (ජුනි 26) දින ලංකාපටුන, උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේ කඩොලාන පැල 1000 ක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. සියලුම නාවික විධානයන් ඇතුළත් නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ජාතික කර්මාන්ත ප්‍රදර්ශණය නැරඹීමට

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසාන දිනය වූ අද (ජූනි 25) ප්‍රදර්ශණ කුටි නැරඹීමට වැඩබලන ආරක්‍ෂක ඇමති ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා එක් විය. පුරා දින 04ක කාලයක් මුළුල්ලේ පැවති මෙම ප්‍රදර්ශණයට සිය දායකත්වය දක්වමින් ප්‍රදර්ශණ කුටි එක් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා අදාළ ආයතන අමාත්‍යවරයාගේ පැසසුමට ලක්කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක
ආරක්‍ෂක ලේකම් හමුවෙයි

බංග්ලාදේශ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ෆයිසුර් රහ්මාන් අද (ජුනි 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.


සිදුවීම් | සිදුවීම්

වැඩබලන ආරක්‍ෂක ඇමති ‘INS Vagir’ ඉන්දීය සබ්මැරීනයේ සංචාරයක

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා (ජුනි 21) බදාදා කොළඹ වරායේ පිහිටි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනයේ සංචාරයක නිරත විය.


සිදුවීම් | සිදුවීම්

ජාත්‍යන්තර යෝග දිනය - 2023

සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලොව පුරා සමරනු ලබයි. යෝග ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා ඉවහල් වන ආකාරය දැනුවත් කිරීමට හා ජාත්‍යන්තරය තුල යෝග ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් ලෙස මෙම දිනය යොදා ගනු ලබයි.


සිදුවීම් | සිදුවීම්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි විහාර වැඳපුදා ගනී

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සඳුදා (19) සවස මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක හා අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.


සිදුවීම් | සිදුවීම්

යුද හමුදා භට පිරිස් නන්දීකඩාල්හි කඩොලාන රෝපණයක

ලෝක සාගර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්, රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ සිවිල් වැසියන් එක්ව මුලතිව් ප්‍රදේශයේ නන්දීකඩාල් කලපුවේ කඩොලාන රෝපණය කළහ


සිදුවීම් | සිදුවීම්

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියාමක, උපනියාමක
සංස්කරණ පාඨමාලාව ආරම්භ වෙයි

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියතු නියාමක / උපනියාමකවරුන්ගේ රාජකාරි පිළිවෙත් හා පරිපාලන කළමණාකරන දැනුම වර්ධනය කිරීම, සියලුම පෙළපාලි හා සම්මාන මුර පිළිබඳ දැනුවත් කිරීම සහ ...


සිදුවීම් | සිදුවීම්

10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවය යුධ හමුදා ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවලියේදී, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පසුගියදා රජයේ සහ වෙළඳ සේවා කණ්ඩායම් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් විය