නවතම පුවත්
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි
සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි.
ආරක්ෂක ලේකම් දළදා මාලිගාව වැඳපුදාගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදකි
ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා ඉරිදා (මැයි 12) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර බලා පිටත්ව ගියේය.
නාවික අණ නොතකා ධාවනය කල වාහන සඳහා වෙඩි තබා ඇත
වත්තල හුනුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කර තිබු නාවික හමුදා මුර පොලක අණ නොතකා ධාවනය කල මෝටර් රථයක් වෙත වෙඩි තැබීමට එම මුරපොලෙහි සේවයේ නියුතු නාවික හමුදා භටපිරිස් කටයුතු කර ඇත.
‘ෂර්මන්’ නෞකාව කොළඹ වරායට
ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (මැයි 12) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
මහජන ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් පවසයි
අප්‍රේල් 21 වන දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම පාර්ශව, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව රටපුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගෙන රටේ පැවති තත්ත්වය සාමාන්‍ය අතට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි සිටින යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ලබාදී තිබු පොදු සමා කාලය සතියකින් දීර්ඝ කෙරේ
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිමය කටයුතු ඉටුකිරීම සඳහා ලබාදී තිබු පොදුසමා කාලය යුද්ධ හමුදා මූලස්ථානය විසින් තවත් සතියකින් දීර්ඝ කර ඇත.
SInhala.
කටුනායක ගුවන්තොටුපලේ පිවිසුමේ හා පිටවීමේ සීමා ලිහිල් කරයි
2019 අප්‍රේල් මස 21 වන දින සිට ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක වැඩපිළිවෙළ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන හා ඉන් පිටත්වන මගින් හට මහත් අපහසුතාවයන්ට පත් වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඊයේ (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
හදිසි අවස්ථාවකදී 113 අමතන ලෙස යුද්ධ හමුදාව නිවේදනය කරයි
හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු දෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් දුරකථන අංක 113 මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.
සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි පිත්තල කම්හලෙ හි හිමිකරු වේ.
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය අද (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී එන්ඩිසී අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය.
අන්තවාදීන්ගේ පුහුණු කඳවුරු කිහිපයක් වටලයි
අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් තම පුහුණු කටයුතු සඳහා භාවිතා කල බවට සැකකෙරෙන වාලච්චේන පොලිස් කොට්ඨාසයේ රිදීතැන්න ප්‍රදේශයේ අක්කර 25 ක පමණ භූමි ප්‍රදේශයක සඳුදා (මැයි 06) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සෝදිසි මෙහෙයුමක් දියත්කරන ලදී.
යුරෝපා සංගමයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් ලායි මාර්ගු (HE Mr. Tung-Lai Margue) මැතිතුමන් ප්‍රමුක යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අඟහරුවාදා (මැයි 07) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී එන්ඩිසි අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මාධ්‍ය නිවේදනය
ආරක්ෂක අංශ විසින් නිවාස සහ පොදු ස්ථාන පරීක්ෂා කිරීමේ දී එම අවස්ථා මාධ්‍ය ආවරණය සහ මාධ්‍ය මඟින් විකාශය කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.
SInhala.
චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
පාසල් ළමුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ ආරක්ෂක මෙහෙයුම්
පසුගිය පැය 48 තුළ ආරක්ෂක අංශ විසින් පාසල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිය පූර්ණ අවධානය යොමු කර තිබේ. අපි ආරක්ෂක තත්ත්වය නිසි ලෙස තක්සේරු කර ඇති අතර සියලුම පාසල් ආවරණය වන පරිදි අවශ්‍ය සියලු ආරක්ෂිත පියවර ගෙන තිබේ. ජනතාවගේ සිතෙහි පවතින බිය තුරන්වන තෙක් සහ රටෙහි ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු වන තෙක් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
ඉරිදා දින පාසැල් වටා විශේෂ සෝදිසි මෙහෙයුම්
සඳුදා පාසල් යළි විවෘත කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. රටේ සියලුම පොලිස් ස්ථාන සඳහා අවශ්‍ය උපදෙස් මේ වන විටත් නිකුත් කර ඇත.
ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 කට ආසන්න පිරිසක් යොදවා ඇත
පසුගිය පැය 48 ක කාලය දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ 15,000 ක පමණ භට පිරිසක් යොදවා ඇත. මෙම මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ පමණක 10 000 කට වැඩි භටපිරිසක් යොදවා ඇත
කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි
ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.
කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි
ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී.
යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (මැයි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (මැයි 03) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.