පාස්කු ඉරිදා සංහාරය

අප්‍රේල් 27, 2020

ඇති වූ කැළැල්, සමාව සහ යුක්තිය වෙනුවෙන් දිගු කාලයක් බලා සිටී

defence.lk විශේෂාංග තීරය

සිවිල් වැසියන් 250 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් සහ 500 කට අධික පිරිසක් තුවාල කරුවන් බවට පත් කරමින් 2019 අපේ‍්‍රල් 21 වන දින මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදීන් අතළොස්සක් විසින් සිදුකරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය මේ වන තෙක් පිළිතුරු නොලද ප‍්‍රශ්න රාශියක් ඉතිරි කර තිබේ.

COVID-19 වසංගතය පැතිරීම මගින් ඇතිකරවන ලද ගෝලීය හා දේශීය වශයෙන් ඇති වූ අර්බුධයත් සමඟ, ‘පාස්කු ඉරිදා’ බෝම්බ පිපිරීමේ පළමු වසර සැමරීම කෙරෙහි අවධානය යොමු වන්නට විය.

බොහෝ දෙදෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර වැරදිකරුවන්ට සහ සිදුවීම පිලිබදව නොසලකා හැර සිටි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම පුද්ගලයින් සහ පවුල් ඉල්ලා සිටී. මූලධර්මවාදී ත‍්‍රස්තවාදීන් විසින් දෙවන වරට නැවතත් ප‍්‍රහාරයක් සඳහා සැලසුම් කර සිටි බව මෑතකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක විසින් පැවසීය. මෙම අපරාධයේ සෙසු අපරාධකරුවන් සොයා ගැනීමට සහ හදුනා ගැනීමට තවත් බොහෝ දේ සිදු කළ යුතු වේ.

ප්‍රහාරය සිදු වී මේ වන විට වසරක් ගෙවී ගොස් ඇති අතර මෙම බෝම්බ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ defence.lk  පිළිසදරක යෙදුණි. පෙනෙන ආකාරයට දෛවයට අනුව ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් වී ඇති අයුරු හැගී යයි. ඔවුනට සිදු වූ පාඩු නොතකා, සියල්ලන්ගේම  අධිෂ්ඨාන වී ඇත්තේ  දෙවියන් කෙරෙහි විශ්වාසය හා තම ආදරණීයයන් අහිමි වීම පිළිබද මතකයට එරෙ හිව නැගී සිටීමටයි.

“අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් කවදාවත් වෙයි කියලා. එය බියකරු සිහිනයක්.සිදුවූනේ කුමක්දැයි නොදැන මිනිසුන් සෑම තැනකම දිව ගියා.ශාන්ත අන්තෝනිගේ පිළිරුව බේරුණා එය ප්‍රාතිහාර්යයක් වගේ එතැනදී බොහෝ දෙනෙක් මිය ගියා.” ජෙරාඩ් පැවසීය, මෙම ප්‍රහාරයෙන් තම ජිවිත බේරාගැනීමට තරම් වාසනාවන්ත වූ කිහිප දෙනෙකු අතර ඔහුද විය.

 

“ඒ  අප්‍රේල් 21 ,අවාසනාවන්ත පාස්කු ඉරිදා දිනයි .  උදෑසන 8.45 ට මාරාන්තික පිපිරීමක් සිදු වන  විට ජෝයි මරියරත්නම් පියතුමා දෙමළ බසින් යාඥා කිරීමට නියමිතව තිබුණි. බෝම්බය පුපුරා ගියේ බොහෝ බැතිමතුන්ගේ ජීවිත සුනුවිසුනු කර ඔවුන් තුළ ජීවිත කාලය පුරාම බියක් ඇති කරමිනි. ”ජූඩ් රාජ් “ පියතුමා පැවසුවේය.

වසරක් ගත වූ පසුත් , එම භයානක මතකය මකා දැමීමට ඔහු අපොහොසත් වී ඇති අතර, එම ඛේදජනක දර්ශනය තවමත් ඔහුගේ දෑස්‌ ඉදිරියේ  නැවත නැවතත් මැවේ.

“ජීවිතයේ පළමු වතාවට මෙවැනි කුරිරු හා බියජනක සිදුවීමකට මුහුණ දුන් පුද්ගලයෙකු ලෙස මට එය කිසි විටෙකත් මගේ මනසින් ඉවත්  කිරීමට නොහැකි වේවි “ ජූඩ් රාජ් පියතුමා පැවසුවේය.

ආශීර්වාද ලත් බිමෙහි  ඉරිතලා ඇති බැතිමතුන්ගේ මළ සිරුරු, උණුසුම් රුධිරය ශුද්ධභුමිය තෙත් කළ ආකාරය,    දේවස්ථානයේ කඩාවැටෙන කුළුණු ගින්න විසින් ගිල දැමූ ආකාරය සහ දරුණු ලෙස තුවාල ලැබූ මිනිසුන් වේදනාකාරී ලෙස කෑගසමින් සිටි අයුරු ඔහුගේ මතකයේ තවමත් හොල්මන් කරයි.

 

 

“අන්තවාදීන් විසින් කරනු ලබන හානියට වඩා අපගේ විශ්වාසය  බලවත් ය" පිය. ජූඩ් රාජ් පවසයි.

“මෙවැනි ව්‍යසනයක් නැවත කිසි දිනෙක සිදු නොවේවායි මම ප්‍රාර්ථනා කරමි. අපව ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැක්වූ  සහයෝගය සහ දින 52 ක් ඇතුළත පල්ලිය පැරණි තත්වයට  පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දරන ලද  උත්සාහය ප්‍රශංසනීයයි. “බොහොම  ස්තූති” හැර වෙනත් ප්‍රකාශනයක් ගැන මට සිතාගත නොහැකිය. ඒ වගේම සඳහා අපි “ණයගැතියි” , ඔහු පැවසිය.

ඔහු පවසන්නේ කාදිනල් මැල්කම් රංජිත් නිතරම පවසන පරිදි “මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ වූවන්ට අපි අධ්‍යාත්මිකව සමාව දෙමු. නමුත් වින්දිතයින්ට සැබෑ යුක්තිය අපේක්ෂා කරමු”.යනුවෙනුයි.


පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පළමු ඉලක්කය වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අපට කිතුනුවකු වන ජෙරාඩ් හමු විය. 

 

 

මීට පෙර මාර්ගයෙන් සෘජුවම පල්ලියට පිවිසිය හැකි කොටසක් පෙන්වමින් . “බෝම්බකරු පැමිණියේ එම ප්‍රදේශයෙන්” යැයි ජෙරාඩ් පැවසිය.

“දේවමෙහෙය සඳහා පැමිණි මිනිසුන්ගෙන් පල්ලිය පිරී ඉතිරී තිබුණි. මම අනෙක් පැත්තේ සිටිමින් පිපිරීම දැක්කා. විශාල ගිනි බෝලයක් දුටු මම වහාම පල්ලියෙන් පිටතට දිව ගියා” ඔහු  මුලින් ම අත්විඳි භීෂණය සිහිපත් කරමින් ජෙරාඩ් පවසයි.

මුස්ලිම්වරු  මෙවැනි සමූල ඝාතනයක් කරනු ඇතැයි තමා කිසි විටෙකත් නොසිතූ බව ඔහු පවසයි. “ඔවුන් ද මෙම ස්ථානයට පැමිණ තම දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වේවායි පතමින් යාඥා කරනවා“ ඔහු පැවැසුවේ දැඩි අවිශ්වාසයකිනි.

ඔහුගේ නොසැලෙන භක්තිය සේ , ජෙරාඩ් අවසානයේ කියා සිටියේ තමාට ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසයක් ඇති බවත්, රට ආරක්ෂා කිරීම ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ත්‍රිවිධ හමුදාවට කෘතඥතාව පළ කරන  බවත්ය.

 

කොච්චිකඩේ පල්ලියේ බෝම්බ ප්‍රහාරයෙන් බොහෝ පිරිස් ජීවිත කාලය පුරාම තුවාල ලැබුවා පමණක් නොව, ඔවුන්ට ඔවුන්ගේ ආදරණීයයන්ද අහිමි විය. ඉන් කෙනෙකි තිලිනා හර්ෂනි.

“මට දරුවන් තිදෙනෙක් සිටිනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මට එක් දරුවෙකු අහිමි වුනා. බෝම්බය පුපුරා යන විට ඔහු මා අසල වාඩි වී සිටියේ” ඇය ආවර්ජනා කළාය.

අනෙක් දරුවන් දෙදෙනා සුළු තුවාල ලබා ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහා මගේ මුළු පවුලම දේවමෙහෙයට  ගියා . එසේ වුවත්  අනපේක්ෂිත ලෙස අපට භයානක තත්වයකට මුහුණ දීමට සිදුවිය. මට එය මතක් වන විට, ඒ මොහොතේ, මට සිදුවූයේ කුමක්දැයි සිත ගන්න බැහැ” ඇය පැවසීය.

 

“මේ සියල්ල තිබියදීත්, මම තවමත් විශ්වාස කරනවා අපි ටිකක් හෝ වාසනාවන්තයි ජීවතුන් අතර සිටිමට” යැයි තිලිනා පවසයි.

ඇත්ත වශයෙන්ම, තිලිනා මෙන්, පාස්කු ඉරිදා දිනයේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව මුළු රටටම අවබෝධයක් නොතිබුණි. වැරදිකරුවන්, ඔවුන්ගේ ආසන්නතමයන් හැරෙන්නට  ශ්‍රී ලාංකික දේශපාලනය සහ ආරක්ෂක අංශ  වල පුද්ගලයන් කිහිප දෙනෙකුට, ඉදිරියේදී සිදුවීමට නියමිත මරාගෙන මැරෙන ප්‍රහාර පිලිබදව ජාත්‍යන්තරව යම් ආකාරයක  අනතුරු ඇගවීමක් බුද්ධි  තොරතුරු මගින්  ලැබී ඇති බව පසුකාලීනව දැන ගත හැකිවිය.

“අවුරුද්දක කාලයක් මම රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා . මේ වන විට මගේ තුවාල ගොඩක් සුවය ලබලා  තියෙනවා ”ඇය පවසන්නේ ඇගේ දෑස් වල කඳුළු සඟවාගෙන සිනාසීමට උත්සාහ කරන බවයි.

ඇය තුවාල ලැබුවද, ඉක්මනින් ඇයගේ තුවාල සුව වීම පිළිබඳ ඇති විශ්වාසය නැති වී නැත.

“මම හිතන්නේ මම තවත් සුවය ලබයි. මගේ තුවාල  සියයට සියයක් සුව නොවනු ඇතත්, අවම වශයෙන් මට තනිවම මගේ වැඩ කටයුතු කිරීමට හැකි වන පරිදි සුවය ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

“පිපිරීම හේතුවෙන් මගේ කොඳු ඇට පෙළට බරපතල තුවාල සිදුවුනා. බෝම්බ පිපිරීම නිසා මගේ අත් දෙකම අංශභාග තත්වයට පත් වී ඇති අතර, එක් ඇසකට සම්පූර්ණයෙන්ම හානි වී ඇත”. ඇය දිගින් දිගටම පැහැදිලි කරන්නේ බෝම්බ පිපිරීමෙන් ඇයට සිදුවූ හානියයි.

“මේ සියල්ල තිබියදීත්, මම තවමත් විශ්වාස කරනවා අපි ටිකක් හෝ වාසනාවන්තයි ජීවතුන් අතර සිටිමට” යැයි තිලිනා පවසයි.

දශක තුනක යුද්ධයේදී, තිලිනා වැනි ධෛර්ය සම්පන්න ආත්මයන් ශ්‍රී ලංකාව අතහැර ගොස් නැත. වෙහෙස මහන්සියෙන් 2009 දී උපයා ගත් සාමයෙන් පසුව, බොහෝ දෙනෙක් විශ්වාස කළේ දිවයිනේ ත්‍රස්තවාදය අවසන් වන බවයි. මෙම විශ්වාසයන්ට පටහැනිව, රැඩිකල්  කණ්ඩායම් කිහිපයකට වෙනත් මානයක සිතුවිලි තිබි ඇත. හමුදාව නින්දට යවා ඇති අතර, රජයේ අනුග්‍රහයෙන් මායාකාරියන් දඩයම් කිරීම හරහා බුද්ධි අංශ අවුල් ජාලයකට ඇද වැටුණි.

ආගමික ව්‍යවසායකයින්  දිවයිනට රතු කාපට් මතින් පිළිගත් අතර , සියල්ලන්ම පාහේ බදු වලින් නිදහස් කර ඇත. දිවයිනේ ගම නියම්ගම් පුරා  තමන්ගේ මතවාද පතුරුවා හැරිම සදහා රැඩිකල් ආගමික කණ්ඩායම් වෙත සහයෝගයක් මේ තුලින්  ලැබී තිබිණි .

25 හැවිරිදි ශරන්යා, පිරිමි දරුවකුගේ මවක් වන අතර,  තම අනාගතය ගැන විශ්වාස කරමින් සිතන්නේ  ඇයව රැකබලා ගන්නා ඇගේ මහලු දෙමාපියන්ට බරක් නොවී සිටීම  පිලිබඳවයි.

“ඒ අප්‍රේල් 21 වෙනිදා මම මගේ ස්වාමිපුරුෂයා සමඟ පල්ලියට ගියා. මම මාස නවයක ගැබිනියක්. අපි පල්ලියට ගියේ සතුටින්. ඒ වගේම ඒ වනවිට අපේ විවාහයට  මාස 11 ක් ගතවෙලා “,ඇය කම්පිත ස්වරයෙන් පැවසුවාය.

ශාරන්යා පවසන පරිදි බෝම්බ පිපිරුමේදී ඇයට ඇගේ ජීවිතය අහිමි විය. ඇගේ ස්වාමිපුරුෂයා මිය ගිය අතර, ඇයට ජීවිත කාලය පුරාවටම  තුවාල ලැබුවාය. ඇගේ අත සහ කකුලට බරපතල හානි සිදුවී ඇත.

“මුස්ලිම් පුද්ගලයෙක් මාව අරගෙන රෝහලට ඇතුළත් කළා. මගේ ස්වාමිපුරුෂයා මියගොස් ඇති බව දැනගත්තේ මට ශල්‍යකර්මයක් කර සති කිහිපයකට පසුවයි”, අප්‍රේල්  21 වන දින තම ස්වාමිපුරුෂයා අහිමි වූ නිසාත්, ඇගේ පුතාගේ  උපන් දිනය අප්‍රේල් 22 වන දිනත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය  ඇගේ මතකයේ සදා රැඳෙන බව ඇය පවසයි.

 

“මගේ ස්වාමියා පුතා දැක නැති අතර පුතා කවදාවත් තම පියා දකින්නේ නැහැ ”ශරන්යා පවසයි


ඇගේ දවසේ වැඩ කටයුතු සඳහා, තනිවම නැගිට සිටීමට ශාරන්යාට නොහැකිය. බෝම්බය  ඇගේ ජීවිතය හා ඇගේ අනාගතය විනාශ කර දමා ඇත.

 

ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බයෙන් දිවි ගලවා ගත් තවත් එක් අයෙකි ‘ ජේසුරාජ්’.

2019 දී සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු මගේ දකුණු කකුල කපා දැමුවා.පිපිරීමත් සමඟ මම අසමබරව බිම වැටුණා. මාගේ බිරිඳ සහ සහෝදරයා විසින් මාව බස් රථයකින් රෝහලකට ගෙන ගොස් තිබුණා. රෝහලේදී වෛද්‍යවරු මගේ ජීවිතය බේරා ගැනීමට උපරිම උත්සාහයක් ගත්තා. ”ඔහු විසින් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරුන් විසින් ඔහුගේ කකුල කපා දැමූ ආකාරය පවසා සිටියා.

ඔහු බෝම්බ පිපිරුමට හසු වන විට විවාහ වී වසරක් ගත වී පළමු වසර සංවත්සරය සැමරීමටද  නියමිතව තිබුණා.

 

‘වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවා මියගිය සහ ජීවත්වන අය වෙනුවෙන්  සාධාරණය ඉටු කරන්න’ ජේසුරාජ් පැවසීය.

“මගේ බිරිඳට සහ මගේ පවුලේ සාමාජිකයින්ට ඇතිවූ මානසික පීඩනයෙන් මිදීමට මාස කිහිපයක් ගත විය. සිදුවීම දරාගත නොහැකි නිසා ඇය මානසිකව වැටී සිටියා,”ජේසුරාජ් පැවසීය.

අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදු නොවීමට වගබලා ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ  පමණක් නොව සමස්ත ආසියාව පුරාම සිදු වූ විනාශකාරී බෝම්බ පිපිරීම් වලින් දිවි ගලවා ගත් බොහෝ දෙනෙක් සිටිති.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සෑම කෙනෙකුම ආයාචනා කරන්නේ එක් දෙයක් සදහා පමණි.‘වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා මියගිය සහ ජීවත්වන අය වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න’

 


 

බොහෝ අහිංසක මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කළ අපරාධකරුවන් සහ ආශ්‍රිතයන් වසන් කිරීම සඳහා ඔවුන් උත්සාහ කරන විට  පිරිමින්, කාන්තාවන් සහ ළමයින් සදහා වන මානව හිමිකම් යනු කුමක්ද ? - මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්

මෙම අවස්ථාවේදී අපි මියගිය අය සිහිපත් කරන අතර පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් දේව මෙහෙයන් සිදු කරනවා, වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාටම ඔවුන් විසින්  ලබා දුන් සහයෝගය සහ සිදු කල උපකාරයන් පිළිබඳව අපගේ අවංක කෘතඥතාවය පළ කරමි. මෙම වින්දිතයින් ශ්‍රී ලංකාවේ සියලුම ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට අයත් වූ අතර විදේශිකයන් ද ඊට ඇතුළත් විය.

කෝපයෙන් හා වෛරයෙන් ප්‍රතිචාර නොකිරීමේ උදාර ගුණාංගය නිසා ඔවුන්ගේ ආදරණීයයන් හා තුවාල ලැබූ සියලු දෙනාට අපි විශේෂයෙන් ගෞරව කරමු. එහිදී කැපී පෙනෙන සිදුවීම වූයේ වාර්ගික හෝ ආගමික කෝලාහලවලින් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ නපුරු කුමන්ත්‍රණයක් සියලු ශ්‍රී ලාංකිකයන් විසින් පරාජය කරනු පිණිස අධිෂ්ඨානශිලිව සන්සුන්ව හා සාමකාමීව සිටීමයි.

එකල පාලනතන්ත්‍රයේ වගකිව යුත්තන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිහිපවරක් ලැබුණු අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස නොසලකා මෙම සංහාරය සිදුවීමට ඉඩ හැරීම පමණක් නොව ප්‍රහාරයෙන් පසු ඔවුන්ගේ වැරදිසහගතභාවය විවිධ ආකාරවලින් සැඟවීමට උත්සාහ කිරීම පිළිබදවද අප කනස්සල්ලට පත් වෙමු.

 

                                                                                                                                               මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්

මෙම ප්‍රහාරය සැලසුම් කල, අරමුදල් සැපයු හා ප්‍රහාරකයින් ඒ සදහා යොමු කල පුද්ගලයින් ගේ තොරතුරු වසන් කිරීම මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් ගත්  ක්‍රියාමාර්ගයන් ඉතා බරපතල ය. මෙම ප‍්‍රහාරයන් පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමට සහ වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවාලීමට කටයුතු කිරීම පිලිබදව වත්මන් ජනාධිපතිවරයාට අපි ස්තූතිවන්ත වෙමු.

නීති ක්ෂේත්‍රයට සම්බන්ධ සමහර උගතුන් සහ ප්‍රභූ පුද්ගලයන් මෙම පරීක්ෂණ කටයුතු වසන් කිරීමට හා සැකකරුවන් සැඟවීමට ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට උත්සාහ කරන බව දැනගැනීමෙන් අපි සැබවින්ම කණගාටුවට හා කම්පනයට පත් වෙමු. බොහෝ අහිංසක මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කළ අපරාධකරුවන් සහ ආශ්‍රිතයන් වසන් කිරීම සඳහා ඔවුන් උත්සාහ කරන විට  පිරිමින්, කාන්තාවන් සහ ළමයින් සදහා වන මානව හිමිකම් යනු කුමක්ද ?

 


 

 

මේ අතර ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න, බෝම්බ පිපිරීමෙන් මියගිය හා තුවාල ලැබූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැරදිකරුවන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය, දේශපාලන සම්බන්ධතා, ජනවාර්ගිකත්වය හෝ ආගම නොසලකා ද දඩුවම් කිරීම සඳහා විමර්ශන ක්‍රියාවලිය කඩිනම් කරන බවට සහතික විය.

“පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේදී 270 කට අධික පිරිසක් ඝාතනය වූ  සහ අහිංසක මිනිසුන් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ පාස්කු බෝම්බ ප්‍රහාරය සැලසුම් කිරීමට, මුදල් සැපයීමට සහ සහාය දුන් සියලු වැරදිකරුවන් රජය විසින් හෙළි කරනු  ඇත.” ඔහු පැවසිය.

මුල් අවධියේදී මෙවැනි ත‍්‍රස්තවාදී හෝ අන්තවාදී ක‍්‍රියාවන් හඳුනා ගැනීම සඳහා රජය සියළුම පූර්වාරක්‍ෂක පියවර ගෙන ඇති බැවින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම්වලින් මියයාමට හා දුක් විඳීමට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ නොදෙන බවට ඔහු පොරොන්දු විය.

“අප විසින්, ත‍්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව සටන්  කිරීම සඳහා ශක්තිමත් කර ඇති රටේ බුද්ධි අංශවල සහාය ඇතිව එවැනි වැරදිකරුවන් හෙළි කරනු  ඇත”.ඔහු පැවසුවේය.

“පසුගිය වසරේ පාස්කු ඉරිදා පාස්කු බෝම්බ ප්‍රහාරය  සැලසුම් කළ, මුදල් යෙදවූ සහ සහාය දුන් සියලු වැරදිකරුවන් ඉක්මනින් නිතිය ඉදිරියට ගෙනෙනු ඇත  ”- ආරක්ෂක ලේකම්


මිනිත්තු කිහිපයක් ඇතුළත රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් විසින් බෝම්බ එල්ල කර විනාශ කරනු ලැබුවද , ශ්‍රී ලාංකිකයන් ලෙස වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට අයත් නැවියන් හට  පල්ලිය අලුත්වැඩියා කිරීමට ගත වූයේ දින 45 ක් පමණි.- ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් දි සිල්වා

මීට වසරකට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  කියා සිටියේ තමා පුපුරණ ද්‍රව්‍යයන් පිළිබද විශේෂඥයෙක් බැවින් බෝම්බකරුවන් විසින් විනාශය සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය තක්සේරු කිරීමට ශාන්ත අන්තෝනි පල්ලිය ඇතුළු සියලුම පල්ලි වෙත ගිය බවයි.

“මා ශාන්ත අන්තෝනි දේවස්ථානයට ළඟා වන විට උදේ 10.45 යි. එහිදී මට ජූඩ් රාජ් පියතුමා මුණ ගැසුණා. ඔහු මගේ අත අල්ලාගෙන අඩන්නට  පටන් ගත්තේ පුපුරා යාමෙන් සිදු වූ හානිය දරාගත නොහැකි හේතුවෙනුයි . මියගිය අයට ජීවය දීමට කිසිවෙකුට නොහැකි වුවද, මිනිසුන්ට වන්දනා  කිරීම සඳහා පල්ලිය අලුත්වැඩියා කරන දෙන බව මම ඔහුට කීවෙමි”. ඔහු පැවසිය

පල්ලිය තුළ මූලික පරීක්ෂණ අවසන් වූ පසු, නාවික හමුදාව  විසින් සුන්බුන් ඉවත් කර ලේ තැවරුණු බිම් සෝදා ඇත. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා  නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු හා විදුලි ඉංජිනේරු ඒකකවල නැවියන් කණ්ඩායමක් සහ වැලිසර  නාවික කඳවුරේ තවත් නැවියන් කණ්ඩායමක් යොදවා තිබුණි.

 


“කච්චතිව් පල්ලියේ බිත්ති සම්පූර්ණ කළ නාවික හමුදාවේ  ඉතා දක්ෂ කණ්ඩායමම  ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බිත්ති සම්පූර්ණ කිරීම සඳහා ද යොදා ගත්තා.”වයිස් අදමිරල්  දී සිල්වා පැවසිය.

මේ අතර, ඔහුගේ මිතුරෙකු වන ලෝක ප්‍රකට කිමිදුම් සමාගමක සභාපති ජෝ ෆෙරල් පල්ලිය අලුත්වැඩියා කිරීමට නාවික හමුදා  මැදිහත් වී ඇති බව දැක පල්ලිය අලුත්වැඩියා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 60,000 - ඇමරිකානු ඩොලර් 50,000 ක් සහ වින්දිතයන්ගේ සුභසාධනය සඳහා ඇමරිකානු ඩොලර් 10,000 ක් පරිත්‍යාග කර ඇත.

ඔහු ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පල්ලියක භාවිතා කරන විශාල ඕගනයක්  ශාන්ත අන්තෝනි දේවස්ථානයට පරිත්‍යාග කර ඇත. ඔවුන් මෙම පාස්කු ඉරිදා   එය වාදනය කිරීමට සැලසුම් කළ නමුත් කොරෝනා වෛරස් තර්ජනය හේතුවෙන් එය වාදනය කිරීමට නොහැකි විය.

මිනිත්තු කිහිපයක් ඇතුළත රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් විසින් බෝම්බ එල්ල කරනු  ලැබුවද, ශ්‍රී ලාංකිකයන් ලෙස වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට අයත් නැවියන් පල්ලිය අලුත්වැඩියා කිරීමට ගත වූයේ දින 45 ක් පමණි. ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් දි සිල්වා පැවසිය.

 


පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනා

ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙක් ISIS විසින් ප්‍රකාශ කරන ලද  ජිහාඩ් කණ්ඩායමේ දේශීය නායක සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා  ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්බ්‍රහිම් ය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ දැමූ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ය.

තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේය.

ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් මෙරට පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.

ශාන්ත සෙබස්තියන් බෝම්බකරු මොහොමඩ් හස්තුන් ය.

නැගෙනහිර දිස්ත්‍රික්කයේ මඩකලපුවේ පිහිටි ක්‍රිස්තියානි සියොන් පල්ලියට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී.

සුඛෝපභෝගී හෝටලයක බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් අගනුවර ආසන්නයේ පිහිටි කුඩා හෝටලයකදී  බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

පත්කරන ලද ජනාධිපති කොමිසම:

1.      2019 අප්‍රේල් 22 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන්
පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති කමිටුව පත් කළේය.(ජූඩ් මලල්ගොඩ,හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න)

2.      කමිටු ප්‍රධානී මලල්ගොඩ සිය අවසන් වාර්තාව 2019 ජුනි 10 වන දින ජනාධිපති සිරිසේන වෙත ඉදිරිපත් කළේය.

3.   පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව 2016.05.22 දින පත් කරන ලදී.( අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ අභිමතය පරිදි පාර්ලිමේන්තු කථානායක කරු ජයසූරිය විසින් පත් කරන ලදී).

4.     පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති සිරිසේන පස් දෙනෙකුගෙන් යුත් කොමිසමක් 2019 සැප්තැම්බර් 21 දින පත් කරයි.