පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ කර්මාන්ත කරුවන් දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනය

මැයි 29, 2019

රටෙහි පැවති ආරක්‍ෂක වාතාවරණය මත ආරක්‍ෂක මණ්ඩලය මගින් තාවකාලිකව අත්හිටුවන ලද පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇත.

ව්‍යපෘති සිදුකරනු ලබන රජයේ සහ පුද්ගලික ආයතනයන් වෙත අවශ්‍යවන පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයන් දිස්ත්‍රික් ලේකම්වරයාගේ බලපත්‍රය මත, CEFAP ආයතනය (රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදී ගැනීමේ ඒකකය) වෙතින් ලබාගැනීමට උපදෙස් නිකුත් කර ඇත.

එසේම ගල් වලවල් හා කැණීම් කටයුතු සිදුකරන කර්මාන්ත සඳහා අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් බලපත්‍ර ලාභීන්/ අවසරපත්‍ර ලාභීන් හට එම බලපත්‍ර/ අවසරපත්‍ර දිස්ත්‍රක් ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කර අදාල පුපුරණ ද්‍රව්‍ය මින් ඉදිරියට ලබාගත හැකි වේ.

මේ සබැඳිව වැඩිදුර විස්තර පහත සඳහන් ස්ථානයන් වෙතින් ලබාගත හැක.

1.           අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල

2.          රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගිණිඅවි හා පතොරොම් මිළදී ගැනීමේ ඒකකය (CEFAP)

දුරකතන අංකය - 0112958227

3.          ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන අංශය - දුරකථන අංකය - 0112335798