ආරක්‍ෂක ලේකම් දළදා මාලිගාව වැඳපුදාගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදකි

මැයි 13, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා ඉරිදා (මැයි 12) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර බලා පිටත්ව ගියේය. දළදා මාලිගාවට පැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, දලඳා මාලිගාවෙහි දියවඩන නිළමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා එතුමන් කැඳවාගෙන යනු ලැබිය.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගන්නා ලදී.

මෙම හමුවේ දී ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේ විසින් ආරක්‍ෂක ලේකම්තුමන්ට ආශිර්වාද කල අතර එතුමන් හට අඟනා උපදෙස් ද ලබාදෙන ලදී.

නව ආරක්‍ෂක ලේකම්තුමන් අප්‍රේල් 29 වන දින සිය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් පසු දළඳා මාලිගාවෙහි සිදුකරන ලද ප්‍රථම සංචාරය මෙයයි.