සන්නද්ධ හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය - ආරක්ෂක ලේකම්

දෙසැම්බර් 11, 2020
  •         හැකි උපරිම ප්‍රමිතීන් කරා ළඟා වීමට රටට සන්නද්ධ හමුදා අවශ්‍යයි    
  •         වර්තමාන තර්ජන බොහෝ දුරට ඇති වන්නේ ස්වාභාවික විපත් ලෙස මිනිස් ජීවිත අනතුරේ හෙලීමෙනි

එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක් තිස්සේ විනාශයට පත්වූ අපේ රට පුනර්ජීවනය කිරීම සඳහා දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහයවීමට සන්නද්ධ හමුදා සැමවිටම සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.  

කුරිරු ත‍්‍රස්තවාදීන්ට එරෙහි දශක තුනක් පුරා පැවති සටනෙහි අසාර්ථකත්වයන් සහ සාර්ථකත්වයේ උදාහරණ උපුටා දක්වමින් ඔහු පැවසූවේ නිලධාරියෙකු සඳහා වෘත්තීයමයභාවය හා බැඳී ඇති ප්‍රඥාව සහ දැනුම ප‍්‍රමුඛස්ථානයක් ලෙස සලකනු ලබන බැවින් අභියෝගාත්මක හා පැහැදිලි අනාගතයක් කරා අපගේ හමුදාව මෙහෙයවීමට ඉහළ සුදුසුකම්ලත්, දක්ෂ, වෘත්තීය හමුදා නිලධාරීන්ගේ අවශ්‍යතාවය අපට තිබේ.     

ගෝලීයකරණය, තාක්‍ෂණික දියුණුව සහ වෙනත් නවෝත්පාදනයන්හි ලෝකයේ අඛණ්ඩ පරිණාමය සමඟ රටවල් වේගයෙන් ඉදිරියට යාම පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය තාන්ත්‍රික, තොරතුරු, හමුදාමය සහ ආර්ථික ක්ෂේත්‍රවල ඉහළ පැතිකඩක් කරා ළඟාවීමට රටවල් උත්සහ කරමින් සිටින බැවින් ශ්‍රී ලංකාවට ළඟා කර ගත හැකි ඉහළම ප්‍රමිතීන් ළඟා කර ගැනීම සදහා අප හට සන්නද්ධ හමුදා අවශ්‍ය බවයි.     

හමුදා නායකයින් සෑම අංශයකින්ම දස්කම් දක්වා ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ ඔහු, “වර්තමානයේ ඇතිවන තර්ජන බොහෝ දුරට ස්වාභාවික විපත් හෝ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන ව්‍යසන ලෙස භ්‍රමණය වන හෙයින්, මිනිස් ක්‍රියාකාරකම්, ස්වාභාවික හෝ ඕනෑම තර්ජනයකින් මිනිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරියෙකු තම මිනිසුන් මෙහෙයවනු ඇතැයි රජය අපේක්ෂා කරනු ඇත”, යන්න ඔහු පැවසීය.

මිනිසුන් ආරක්ෂා කරගැනීම සඳහා කැපවීමේ අවශ්‍යතාවය පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස කොරෝනා වයිරස් වසංගතය පිළිබදව සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය, “අපගේ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මිනිසුන් බේරා ගනිමින් කොවිඩ්-19 ට එරෙහිව සටන් කිරීමේදී දේශයට කැපී පෙනෙන සේවාවක් ලබාදුන් අතර ඒ සදහා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී”.

අද (දෙසැම්බර් 11) දින කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරාධිත අමුත්තන් අමතමින් ආරක්ෂක ලේකම්වරයා  මෙය ප්‍රකාශ කළේය.  

සම්ප්‍රදායන්ට අනුකූලව පොල්තෙල් පහන දැල්වීම හා මියගිය රණවිරුවන්ට උපහාරයක් ලෙස මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව උත්සවය ආරම්භ විය.

පාඨමාලාව සාර්ථකව හදාරන ලද උපාධිධාරීන් උපාධිය ලබා ගත් අතර විශේෂ සම්මාන ද පිරිනමන ලදී. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික සඟරාව වන ‘The Owlet’ මෙම අවස්ථාවට පැමිණි අමුත්තන් අතර බෙදා දෙන ලදී.

මෙම උත්සවයේදී  ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ තරුණ නිලධාරීන් 132 ක් සහ විදේශීය රටවල් 11 ක නිලධාරීන් 18 දෙනෙකුට උපාධි ප්‍රදානය සිදුකරන ලදී.

ඒ අනුව බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්තානය, රුවන්ඩාව, සෞදි අරාබිය සහ සුඩානය යන රටවල විදේශීය ශිෂ්‍ය නිලධාරීන් ද අද උපාධි ලබා ගත්හ.

වසරේ හොඳම පර්යේෂණය නිබන්ධනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් පිරිනමනු ලබන ‘Golden Pen’ සම්මානය  දිනා ගනු ලැබූ මේජර් බී ජී එන් අයි කරුණාතිලක වෙත මේජර් ජෙනරාල් ගුණරත්න මහතා විසින් එම සම්මානය  ප්‍රදානය කරන ලදී.

හමුදා අධ්‍යාපනයේ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් සඳහා කෙරෙන ආයෝජනය පිළිබඳව සදහන් කරමින් ඔහු කියා සිටියේ,  පුහුණුව සඳහා හමුදාවේ ප්‍රමුඛතාවය සහතික කළ යුතු බවත්, ජෙනරාල්, අද්මිරාල් හෝ එයාර් මාෂල් නිලයේ නායකයින් ද ඕනෑම අභියෝගයක් භාර ගැනීමට පුහුණුවීම සඳහා හමුදාවේ ප්‍රමුඛතාවය සහතික කළ යුතු බවයි.

හමුදාවේ ඉහළ ස්ථානයකට  එළඹීම කිසි විටෙකත් එක රැයකින් සිදුනොවන බව සදහන් කරමින් ඔහු පැවසුවේ “එයට විශාල කැපවීමක් සහ අත්දැකීමක් මෙන්ම විශාල දැනුමක් හා ප්‍රඥාව ද අවශ්‍ය” බවයි.

නියම උපායමාර්ගික අරමුණු අවබෝධ කරගන්නා පුද්ගලයෙකු සංවර්ධනය කිරීම සහ ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔහුව යොමු කරන බලවේග පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මකව කරුණු දක්වමින් ඔහු කියා සිටියේ, “මධ්‍යම මට්ටමින් ඒ සඳහා ස්ථිර පදනමක් දැමිය යුතු” බවයි.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ප්‍රතීතනය කිරීම සහ ශ්‍රී ලංකා අධ්‍යයනය, ජාත්‍යන්තර කටයුතු, උපායමාර්ගික හා කළමනාකරණ අධ්‍යයනය වැනි කැපීපෙනෙන අංශ ආවරණය වන පරිදි ශාස්ත්‍රපති උපාධියක් නිලධාරීන්හට ප්‍රදානය කිරීම පිළිබඳව සඳහන් කළ ඔහු කියා සිටියේ, “උසස් අධ්‍යාපනික පිළිගැනීමක් සහිතව වෘත්තිමය සංවර්ධනය ලඟා කර ගැනීමට පාඨමාලාව හදාරන නිලධාරීන්ට ප්‍රයෝජනවත් අවස්ථාවක් ලැබෙනු ඇති” බවය.

ශ්‍රී ලංකාවේ සහ මිත්‍රශීලී විදේශීය රටවල අනාගත හමුදා නායකයින්ගේ අභිවෘද්ධිය උදෙසා උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදී අපගේ නිලධාරීන් පුහුණු කිරීම සඳහා හමුදා අධ්‍යාපනයේ හොඳම තෝතැන්නක්  වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට හැකියාව ලැබී ඇත.

මේජර් ජෙනරාල් ගුණරත්න මහතා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වත්මන් සේනාවිධායක, හිටපු සේනාවිධායකවරුන්, ප්‍රධාන උපදේශකයින් සහ උපදේශක කාර්ය මණ්ඩලය වෙත සිය දායකත්වය වෙනුවෙන් ස්තූතිය පළ කළේය.

ඔහු හිටපු උපදේශක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වන අතර සියලු නිලධාරීන් හට ඔවුන්ගේ අනාගත ජයග්‍රහණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සිය සුබ පැතුම් එක් කළේය.

කොරෝනා වයිරස් වසංගතය මධ්‍යයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ එහි කාර්ය මණ්ඩලය මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ කාර්ය මණ්ඩලය ද මාණ්ඩලික විද්‍යාලයේ කීර්තිය හා සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා ගන්නා ලද උත්සාහයන් ගැන ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව එක්කළේය.

මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ.රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න මහත්මිය, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ හිටපු සේනාවිධායකවරුන්, අතිරේක ලේකම් ආරක්ෂක, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීන්, ශ්‍රී ලංකාවේ ආරක්ෂක  උපදේශකවරුන්, සියලුම විදේශීය සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

සම්මාන