තවත් PCR පරීක්ෂණ 14,329 ක් ඊයේ සිදු කරන ලදි

ජනවාරී 14, 2021

අද (ජනවාරි 14) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 692 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 50,231 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු සිටින අතර කළුතර  දිස්ත්‍රික්කයෙන් 112 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 119 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 223 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 233 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 12) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 46,435 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 40,509 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ ( 11 ) දින තවත් PCR පරීක්ෂණ 14,329 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

මේ අතර, අද උදෑසන විදේශ රටවල සිට මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 206 ක් වන අතර ඒ අතුරින් 45 දෙනෙකු කටාර් සිට, 95  දෙනෙකු දකුණු කොරියාවේ සිට, 66 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සහ එක් අයෙකු චීනයේ සිට පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 646 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 43,266 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 6,718 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 81 ක් යටතේ පුද්ගලයින් 6,703 ක් නිරෝධායනය කරනු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 03 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගොස් තිබේ.