මාධ්‍ය නිවේදනය (ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය)

අප්‍රේල් 26, 2019

දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම හේතු කොටගෙන මහජනයා කලබලයට පත්වන සිද්ධීන් ගනණාවක් වාර්තා විය. වෙබ් අඩවි සහ ෆේස්බුක්, වට්ස්ඇප්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහාද මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ පියවර ගනිමින් සිටී.

විශේෂයෙන්ම මෙවැනි අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජනතාව කලබලයට හා භීතියට පත්වෙනවා මෙන්ම එමගින් ආරක්‍ෂක අංශ නොමග යැවීමක්ද සිදුවේ. කරුණු මෙසේ හෙයින් මෙවැනි කටයුතු වලින් වලකින ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන්ට එරෙහිව හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ක්‍රියාකළ හැකි බවත් ඔවුන් වැරදි කරුවන් උවහොත් වසර 3ත් 5ත් අතර සිරදඬුවමක් හිමිවිය හැකි බවත් වැඩිදුරටත් දන්වා සිටි.