ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ සහන කාලය තවදුරටත්

මාර්තු 03, 2021

2021 වර්ෂයට අදාලව ආරක්ෂක අමාත්‍යංශය මගින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකරනු ලබන සියලුම ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා බලපත්‍රලාභීන්ට ලබාදී තිබු කාලය දඩ මුදලක් අයකිරීමෙන් තොරව 2021.05.31 දින දක්වා දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය ඇත.

මීට පෙරද 2021.02.28 දක්වා සහන කාලයක් ලබාදී තිබු අතර පවතින කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නැවත දීර්ඝ කර ඇත.